කාලයකට සිට මියගිය කාන්තාව හා සැමියා අතර ගැටුම් පැවති බවත්, ඉකුත් (27) දා සවස නිවසේ ඇතිවු බහින් බස් වීමක් දුරදිග යාමත් සමග සැමියා බිරිඳගේ ගෙලට පහර දී ඝාතනය කර නිවසෙන් නික්ම ගිය බවත් වාර්තා විය.
ඝාතනයෙන් අනතුරුව ඊයේ (28) රාත්‍රියේ ගිනිගත්හේන පොලිසියට බාර වී ඇති බව පොලීසිය පවසයි.
මෙසේ මරණය ට පත් වුයේ ගිනිගත්හේන පොලිස් වසමට අයත්, අඹගමුව, මහපතන ප්‍රදේශයේ පදිංචිව සිටි 28 හැවිරිදි දෙදරු මවකි.
සැමියා පවසන්නේ සිය බිරිය තවත් පුද්ගලයෙකු සමග පවත්වාගෙන ගිය අනියම් ප්‍රේම සම්බන්ධයක් සම්බන්ධයෙන් මෙම ගැටුම ආරම්භවූ බවකි.
ඔවුන් ට වයස අවුරුදු 9 ක හා 7 ක පිරිමි දරුවන් දෙදෙනෙක් සිටින අතර සැක කරු හමුදාවේ සේවයේ නියුතව සිට පසුව ඉන් ඉවත් වී පෙදරෙරුවකු වශයෙන් රක්ෂාව කරමින් සිටි (37) හැවිරිදි පුද්ගලයෙකි.
ඔවුන් ගිනිගත්හේන බදුපොල ප්‍රදේශයේ පදිංචි කරුවන් වන අතර දරුවන් ට පාසල ට ඇතුලත් කිරිම සදහා අඹගමුව .මහපතන ප්‍රදේශයේ නිවසක් කුලී පදනම මත ලබාගෙන වාසය කර තිබේ.
මළ සිරුර නිවසේ තිබෙන අතර සිද්ධිය වු ස්ථානය හැටන් මහෙස්ත්‍රාත්වරයා විසින් නිර්ක්ෂණය කිරිමෙන් පසු ලබා දෙන නියෝග අනුව ඉදිරි කටයුතු සිදු කරන බව සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන ගිනිගත්හේන පොලිසිය වැඩිදුරටත් පවසයි.
(සටහන හා ඡායාරූප-මස්කෙළිය ගාමිණි බණ්ඩාර ඉලංගන්තිලක)
0 Comments