12.00pm  update
 මෙම සතියේ පාර්ලිමේන්තු රැස්වීම් හෙට සහ අනිද්දා දින දෙකේදී පමණක් පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබෙනවා.
වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා කියාසිටියේ එම දින දෙකේදී පෙරවරු 10 සිට පස්වරු 04.30 දක්වා සභාවේ කටයුතු පවත්වාගෙන යාමට පක්ෂ නායකයන් තීරණය කල බවයි.
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙනුයි පක්ෂ නායක රැස්වීම පැවැත්වුනා.

 9.30am

පාර්ලිමේන්තුව මේ සතියේදී රැස්වෙනවා ද නැද්ද යන්න සම්බන්ධයෙන් අද (14) උදේ 9.30 ට පැවැත්වෙන පක්ෂ නායක රැස්විමේදී තීරණය කරෙන බව එහි ප්‍රධානීහු පවසති.  කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වෙන මෙම රැස්වීමට සියලුම පක්ෂ නායකයන්ට ආරාධනා කර ඇත. පක්ෂ නායක රැස්වීමට සෞඛ්‍ය විශේෂඥයන් පිරිසකට ද ආරාධනා කර ඇති අතර 

පාර්ලිමේන්තුවේ සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධයෙන්

එම විශේෂඥයන් එහිදී කරුණු පැහැදිලි කිරීමට නියමිතය.


මේ අතර කොවිඩ් රෝගීන් රැසක් හමුවීම නිසා පාර්ලිමේන්තු රැස්වීම පැවැත්වීම අවදානම් බවට සෞඛ්‍ය අංශ පාර්ලිමේන්තු ප්‍රධානීන්ට දැනටමත් කරුණු පෙන්වා දී ඇතැයි වාර්තා වෙයි. පවතින තත්වය යටතේ පාර්ලිමේන්තු රැස්වීම් මේ සතියේ පැවැත්වීම අවදානම් බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවැසීය.  පෙර තීරණය ගත් පරිදි පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව ඇත්තේ හෙට (19), අනිද්දා (20), 21 සහ 22 යන දිනවලදීය.  පාර්ලිමේන්තුව මේ සතියේ නොපවත්වා පාර්ලිමේන්තු පරිශ්‍රය සම්පූර්ණයෙන්ම විෂබීජහරණය කරන්නැයි ඇතැම් සෞඛ්‍ය අංශ පාර්ලිමේන්තු බලධාරීන්ට පෙන්වාදී ඇත.