කෝවිඩ්-19 මර්දනය සඳහා චීන එන්නත් ලබාගැනීමට ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා චීන ජනපති ෂී ජින්පිං මහතාට ලිපියක් යොමුකර තිබේ.  මහජන චීන සමූහාණ්ඩුවේ නව ශ්‍රී ලංකා තානාපති ලෙස පත් වූ ආචාර්ය පාලිත ටී.බී. කොහොන මහතා සිය අක්තපත්‍ර
චීනයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ සන්ධාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් හො ලෙයි මහතා වෙත භාරදුන් අවස්ථාවේදී මේ පිළිබඳ අවධානය යොමුකළ බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ශ්‍රී ලංකාවේ ජනාධිපති ගෝෂ්ඨාභය රාප්පක්‍ෂ මහතා චීන ජනාධිපති ෂී ජින්පිං මහතාට වෙත විශේෂ ත්‍යගයක් සහ පෞද්ගලික පණිවුඩයක්ද රැගෙන ආ බව පාලිත කොහොන මහතා මෙහිදී පැවැසීය.


ඒ සඳහා පිළිතුරු දෙමින් හොං මහතා පවසා ඇත්තේ, නායකයන් දෙපළ අතර පවතින සමීප මිත්‍රත්වය පිළිබඳ සතුට පළ කරන බවත්, අතීතයේදී දෙරට එකිනෙක රටවලට සහයෝගය ලබාදී ඇති බවත්ය.  වෙළෙඳ හා ආයෝජන සඳහා විවෘත වන විටදී ශ්‍රී ලංකාව සමග සම්බන්ධ වීම සඳහා චීන සමාගම් උනන්දු කරවන බවත්, එන්නත බෙදාහැරීම සම්බන්ධයෙන් චීන රජය ඉක්මනින් තීරණය කරනු ඇති බවත් මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.