1
රාජ්‍ය සේවකයින්ගේ විදුලිබිල අඩු කිරීමේ සැලසුම් සහිතව ක්‍රියාත්මක සුර්යබල උත්පාදන කට්ටල සවි කිරීම සඳහා අඩු පොලී ණය ලබාදීමේ ණය යෝජනා ක්‍රමය ද අද (1) සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත.
2
රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවයේ නියුතු අයට නිවාස මිලදී ගැනීම සඳහා 2021 අයවැය මගින් හඳුන්වා දුන් 6.25%ක් සහන පොලියක් යටතේ වන විශේෂ ණය යෝජනා ක්‍රමය අද (1) දිනයේ සිට ක්‍රියාත්මක වෙයි.
මුදල් අමාත්‍යංශ පවසන පරිදි නාගරික සංවර්ධන අධිකාරිය විසින් නාගරික හා අර්ධ නාගරික ප්‍රදේශවල ඉදිකිරීමට සැලසුම්කර ඇති නිවාස යෝජනා ක්රමයන්හි නිවාස මිලදී ගැනීමට මෙමගින් අවස්ථාව උදාවන අතර විවිධ ප්‍රදේශවලින් සංක්‍රමණය වී කොළඹ ඇතුළු ප්‍රදේශවල සේවයේ නියුතු තරුණ පිරිස්වලට මෙම ණය යෝජනා ක්‍රමයේදී ප්‍රමුඛතාව ලබාදෙනු ඇත.
නිකුත් කෙරෙන උපරිම ණය මුදල ලක්ෂ සියයකි. ආපසු ගෙවීමේ කාලය වසර විසිපහක් දක්වා වේ. ලංකා බැංකුව, මහජන බැංකුව හා ජාතික ඉතිරි කිරීමේ බැංකුව මගින් මෙම ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත.
3
උපයන විට ගෙවීමේ බද්ද සහ පොලී ආදායම් මත රඳවා ගැනීමේ බද්ද සඳහා සිදුකල සංශෝධන අද (1) සිට බලාත්මක වන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කළේය.
මාසයකට රුපියල් ලක්ෂයකට වඩා වැඩි ආදායමක් ලබන පුද්ගලයෙකු උපයන විට බද්ද ගෙවිය යුතුව තිබූ අතර එය මින් ඉදිරියට බලපැවැත්වෙන්නේ මසකට රුපියල් 250,000 කට වඩා වැඩි ආදායමක් උපයන පුද්ගලයන්ට පමණයි.
4
ඉතුරුම් ගිණුම්වල පොළිය මත මෙතෙක් සියයට 05 ක රඳවා ගැනීමේ බද්දක් අය කළ අතර එම බදු අය කිරීම අද (1) සිට අහෝසි වේ.
5
කාර්තුවට රුපියල් මිලියන 75 කට වඩා අඩුවෙන් මුදල් සැපයුමක් පවතින ව්‍යාපාරිකයින්ගෙන් වැට් බදු අය කිරීම අද (1) සිට නතර කෙරෙන බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කරයි.
0 Comments