සිලෝන්-ටී නාමයට හානි වන ආකාරයට කසළ තේ ජාවාරම් කරන පිරිස්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි. මෙම කසළ තේ කිලෝග්‍රෑම් විසිනවදහසක් සමග සැකකරුවන් පස්දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් විසින් සීදූව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේය. ගෝනහේන පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ
සිලෝන් ටී නාමය යටතේ මෙම කසළ තේ තොගය මැද පෙරදිග රටකට යැවීමට සුදානම් කර තිබු බවට වාර්තා වන බවත්, සිද්ධීන් සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බළකාය හා සීදූව පොලීසිය පරීක්‍ෂණ පවත්වන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. මේ පිළිබඳ ජාතික තේ මණ්ඩලයේ නිලධාරීන් දැනුවත් කිරීමෙන් පසු එම නිලධාරීන්ද මෙම තේ තොගය පරීක්‍ෂාවට ලක් කළ බවද හෙතෙම පවසා සිටියේය. සිලෝන් ටී නාමය ජාතෘන්තරය තුළ හොඳ නාමයක් තිබෙන බවත්, මෙවැනි ක්‍රියා හරහා එම නාමයට කැළලක් ඇති වන නිසා මෙවැනි කටයුතු සිදු නොකරන ලෙස ඉල්ලා සිටින බවත් අජිත් රෝහණ මහතා පැවසීය. මෙවැනි කටයුතු කරන පුද්ගලයන් පිළිබඳ සොයා බලා නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
-එම්.අයි. තුෂාර -
0 Comments