කොළඹ සරසවි සිසුන් 8 කට කොරෝනා ආසාදිත වූ බවට ඊයේ ප්‍රවතක් වාර්තාවිය. මේ ගැන වැඩිදුර විස්තර දැන් වාර්තා වන අතර එලෙස ආසාදිත

වූයේ මේ දිනවල සමරමින් පවතින කොළඹ සරසවියේ ශත සංවත්සරයට අදාළ උත්සවයේ පටිගත කිරීම් අවස්ථාවකට සහභාගී වන්නට ගිය සිසුන් 08 ක් බව තොරතුරු අනාවරණය වෙයි.

කොළඹ විශ්වවිද්‍යාලයේ සියවැනි සංවත්සරය වෙනුවෙන් විශ්වවිද්‍යාලයීය මාධ්‍ය ඒකකය විසින් සංවිධානය
කරන ලද පටිගත කිරීමක් සඳහා කොහුවල පිහිටි පෞද්ගලික ශබ්දාගාරයක සිදුකරමින් පවතින අතර එම පටිගත කිරීම් වෙත ගොස් සිටි
අවස්ථාවේ සම්පූර්ණයෙන් ආවරණීත හා වායුසමකරණය කළ ශබ්දාගාරය තුළදී කොරෝනා ආසාදිතයකු සමග මුසුවීමෙන් මෙම පිරිසට ආසාදනය සිදුව ඇතිබව විශ්වවිද්‍යාලයට සම්බන්ධ ආරංචිමාර්ග සඳහන් කරයි.