ඉරානය තුළ COVID-19 වසාගතය පාලනය සදහා කිසිඳු ලෙසකින්වත් එක්සත් ජනපදය මගින් නිපදවූ Pfizer එන්නත හෝ Moderna එන්නත භාවිත නොකරන බව ඉරානය පවසයි. එම එන්නත් සම්බන්ධයෙන් තමන් තුළ පවතින අවිශ්වාසය ඊට හේතුව බව මේ දිනවල රුසියාවට ගොස් සිටින ඉරානයේ විදේශ අමාත්‍යවරයා පසුගියදා පවසා තිබේ.
ඒ අනුව රුසියාවේ නිපදවූ Sputnik V. චීනයේ Sinopharm සහ CoronaVac සහ ඉන්දියාවේ Covishield සහ Covax
"අපි රුසියානු එන්නත ගන්නවා, අපි චීන එන්නත ගන්නවා. ඒ සඳහා අපි ඔවුන් සමග ඉතාමත් හොද සමීපතාවෙන් කටයුතු කරනවා. ඊට අමතරව අපි ඉන්දියානු එන්නතත් ගන්නවා.”
මෙහිදී බටහිර රටවල එන්නත් සම්බන්ධයෙන් තමන්ට විශ්වාසයක් ඇති නොවීමට හේතු වන කරුණුද අමාත්‍යවරයා සඳහන් කර ඇත. එක් අවස්ථාවකදී බටහිර රටකින් ඉරානය වෙත ලැබුණු රුධිර තොගයක් තුළ එච්අයිවී වෛරසය ඇතුළත්ව තිබීම උදාහරණ ලෙස දක්වමින් ඔහු මේ බව පවසා තිබේ.
ඔහු මෙහිදී රටක නමක් සදහන් කර නැතත් මෙම සිදුවීම 1980 සහ 1990 දශකවලදී සිදු වූවක් බව පවසන විදෙස් මාධ්‍ය ප්‍රංශය මගින්ඉරානය වෙත එවූ රුධිරය තුළ මෙම වෛරසය තිබූ බව සදහන් කර සිටියි. එම රුධිරය ලබාදුන් ඉරාන වැසියන් 300දෙනෙකු පමණ එම අවස්ථාවේදී එච්.අයි. වී. ආසාදිතයන් බවට පත්ව තිබුණි.
0 Comments