
මීට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් කෝවිඩ් රෝගීන් 10,853ක්, පුත්තලම දිස්ත්‍රික්කයෙන් රෝගීන් 539ක්, කළුතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 3,569ක්, අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 173ක්, මහනුවර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 1,913ක්, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් රෝගීන් 785ක්, පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් රෝගීන් 104ක්, යාපනය දිස්ත්‍රික්කයෙන් රෝගීන් 166ක්, රත්නපුර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 970ක්, කෑගල්ල දිස්ත්‍රික්කයෙන් රෝගීන් 878ක්, මොනරාගල දිස්ත්‍රික්කයෙන් රෝගීන් 176ක්, අම්පාර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 1,001ක්, මාතලේ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 220ක් වාර්තා වේ.
එමෙන්ම ගාල්ල දිස්ත්‍රික්කයෙන් රෝගීන් 951ක්, බදුල්ල දිස්ත්‍රික්කයෙන් රෝගීන් 222ක්, මාතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 501ක්, මඩකලපුව දිස්ත්‍රික්කයෙන් රෝගීන් 240ක්, හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් රෝගීන් 213ක්, වවුනියාව දිස්ත්‍රික්කයෙන් රෝගීන් 195ක්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් රෝගීන් 210ක්, නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් රෝගීන් 616ක්, කිලිනොච්චිය දිස්ත්‍රික්කයෙන් රෝගීන් 30ක්, මන්නාරම දිස්ත්‍රික්කයෙන් රෝගීන් 33ක්, මුලතිව් දිස්ත්‍රික්කයෙන් රෝගීන් 12ක් වශයෙන් ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකින්ම කෝවිඩ් රෝගීන් වාර්තා වී තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
මීට අමතරව කෝවිඩ්-19 රෝගීන් බවට සැකකරන පුද්ගලයන් 757දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබාගනිමින් සිටියි.
විදේශවල සිට පැමිණි ශ්‍රී ලාංකිකයන් 1,733දෙනෙකුට ඊයේ (17) දා දිනයන් වනවිට 'කෝවිඩ්-19’ වෛරසය ආසාදනය වී තිබෙන බවට තහවුරු වී තිබෙන අතර, මෙරටට පැමිණි විදේශිකයන් 141දෙනෙකුටද 'කෝවිඩ්-19' වෙරසය ආසාදනය වී තිබෙන බවට තහවුරු වී ඇත.
ශ්‍රී ලංකාවේ ජනගහනය සැලකීමේදී මිලියනයකට රෝගීන් 2,399ක් වාර්තා වන අතර, මරණ ප්‍රමාණය මිලියනයකට 11ක් ලෙස වාර්තා වේ.
කොවිඩ් 19 රෝගීන් හදුනා ගැනීම සඳහා ඊයේ (17) දිනය වනවිට PCR දාහතර ලක්ෂ පනස්නවදහස් හයසිය අනූ එකක් සිදුකර තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval