ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට කොරෝනා ආසාදනය වීමේ පුවත හාස්‍යයට නගමින් මේ වනවිට ජාත්‍යන්තර මාධ්‍ය තුළ ප්‍රවෘත්ති නිර්මාණයවී තිබේ. මෙයට හේතුව ධම්මික පැණිය ප්‍රසිද්ධියේ පානය කිරීමෙන් පසු ඇයට මෙම ආසාදනය සිදුවීමයි.




ෆ්‍රාන්ස් 24 (France24) ජාත්‍යන්තර රූපවාහිනී නාලිකාවේ වෙබ් අඩවිය මෙම පුවත වාර්තා කර තිබුනේ,
Sri Lankan health minister tests positive for Covid-19 after endorsing sorcery
ගුරුකම් බෙහෙත අනුමැතියෙන් පසු ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ඇමතිනියට කොරෝනා

ඕස්ට්‍රෙලියාවේ සිඩ්නි මෝර්නිං හෙරල්ඩ් වාර්තා කර තිබුනේ
Sri Lankan minister who advocated ‘divine’ COVID potion tests positive to virus
‘දිව්‍යමය’ කෝවිඩ් පානයට අනුබල දුන් ශ්‍රී ලංකා ඇමතිට වෛරසය ධනාත්මකයි

ඒපී පුවත් සේවය (apnews) මෙම පුවත වාර්තා කර තිබුනේ
Asia Today: Sri Lanka minister who drank potion is positive
ඒෂියා ටුඩේ: දියරය පානය කළ ශ්‍රී ලංකා ඇමතිට ධනාත්මකයි

ද හින්දු ප්‍රවත්පතේ වෙබ් අඩවිය වාර්තා කර තිබුනේ
Sri Lanka Health Minister, who endorsed potion for COVID-19, tests positive
COVID-19 සඳහා දියරය පානය කිරීම අනුමත කළ ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍ය ධනාත්මකයි

අල්ජසීරා පුවත් සේවය වාර්තා කර තිබුනේ
Thousands in Sri Lanka drink ‘miracle’ COVID potion, minister ill
ශ්‍රී ලංකාවේ දහස් ගණනක් ‘ආශ්චර්යය’ COVID දියරය පානය කරද්දී ඇමති ලෙඩවෙයි