කොවිඩ් – 19 ආසාදිතයෙකු ලෙස හික්කඩුව සුපර් කොරල් හෝටලයේ ප්‍රතිකාර ලබමින් සිටින බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකරගේ ආශ්‍රිතයන් 100ක් හඳුනාගෙන ඇති බවත් පස්නල් 07ක් ස්වයං නිරෝධායනයට ලක්කර ඇති බවත් වාර්තා වේ.
ඔහු පසුගිය ජනවාරි පළමුවෙනිදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පැවති ආගමික උත්සවයකට සහභාගී වී ඇති අතර එම අවස්ථාවට කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ඇතුළු පිරිසක් සහභාගීවී තිබේ. එම අවස්ථාවේදී
එමෙනම ඔහු පසුගියදා බිංගිරියේදී සිය මහජන දිනයද පවත්වා ඇත. එම අවස්ථාවටද ජනතාව සහ භික්ෂූන් වහන්සේලා සහභාගී වී සිට ඇති අතර ඒ සම්බන්ධයෙන්ධ සෞඛ්‍ය අවධානය යොමු වී තිබේ.
ආසන්න කාලයේ ඔහු පාර්ලිමේන්තු රැස්වීම් සඳහා සහභාගීවී නැති බව පවසා ඇත.
වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර ගෙන් දයාසිරි අයත්වන්නේ කවර පොකුරටදැයි විමසූ විට එය නිශ්චිත නැති බවත් දයාසිරි ජයසේකර අමාත්‍යවරයාට කොවිඩ් – 19 ආසාදනය වූ ආකාරය පිළිබඳව සොයා බැලිය යුතු බවත් පවසා ඇත.
අද (09) දහවල් හුදෙකලා කරන්නට යෙදුණ කුරුණෑගල ගිරිඋල්ල ප්‍රදේශයේ විශාල වශයෙන් කොරෝනා මේ දිනවල පැතිරෙන අතර දයාසිරි මහතා පසුගිය දිනවල වාසය කළේද එහිය.
0 Comments