හෘදයාබාධයක් හේතුවෙන් රෝහල්ගත කළ ඉන්දීය ක්‍රිකට් සභාපති හා  හිටපු ක්‍රිකට් නායක සෞරව්  ගංගුලිගේ තත්වය ‍සාමාන්‍ය අතට පත්වෙමින් තිබෙන බව විදෙස් මාධ්‍ය අවධාරණය කරයි.  ඒ ඔහුගේ හෘදයේ රුධිර සැපයුම ස්ථාවර වීම උදෙසා 
ස්ටෙන්ට් උපකරණයක් තැත්පත් කිරීමෙන් අනතුරුවය. මෙය මාසයක් තුළදී ගංගුලිට සිදුකළ දෙවැනි ස්ටෙන්ට් තැන්පත් කිරීම වේ.   27දා ගංගුලි විසින් තමා පපුවේ වේදනාවකින් පෙළෙන බව සැලකිරීමත් සමගින් වහාම ඔහුව ඉන්දියාවේ කල්කටාහි පිහිටි ඇපලෝ රෝහල වෙත ගෙන ගොස් ඇත.


මේ වසර ආරම්භයේ පටන් හෘදයාබාධයක් හේතුවෙන්  ගංගුලී රෝහල්ගත කළ දෙවැනි අවස්ථාව ලෙස මෙය වාර්තා වේ. එහිදීද ගංගුලීට ස්ටෙන්ට් තැන්පත්  කිරීමේ සැත්කමක් සිදු කර ඇත.  කෙසේ වෙතත් ඔහු පළමුවරට රෝහල්ගත වී සිට තවමත්  පසුවී ඇත්තේ සති කිහිපයක් වීම විශේෂත්වයකි. එහිදී අනාවරණය වූයේ ගංගුලී හෘදයට රුධිරය ගෙන යන කිරීටම  ධමනි අවහිරතාවන් පෙළෙන බවයි. මීට පෙරද හෘදයේ ආබාධය  හේතුවෙන් ගංගුලිට රෝහලෙන් පිටවීමට සිදුවූයේ දින 5ක් රෝහල්ගත වී සිටීමෙන් අනතුරුවය.