කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ ගිගුල හන්දියේ පිහිටි බුදු කුටියක ඉදිරිපස වීදුරු ආවරණයට ඉකුත් 28 වැනිදා රාත්‍රී කාලයේ හානි සිදුකළ බව කියන පුද්ගලයා කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ පොලිස් කණ්ඩායමක් විසින් පෙරේදා (04) අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
සැකකරු බුදු පිළිමය තැන්පත් වීදුරු කුටිය කඩා එහි තිබූ රුපියල් 60ක පමණ පඩුරු මුදලක් ද සොරකම් කර තිබෙන බව පරීක්ෂණවලින් අනාවරණය වී ඇතැයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කීය.
කෑගල්ල, හෙට්ටිමුල්ල ප්‍රදේශයේ පදිංචි ප්‍රියන්ත සම්පත් කුමාර (30) නමැත්තකු මෙසේ අත්අඩංගුවට ගත් බවත් ඔහු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින අයකු බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා පවසයි.
පේරාදෙණිය රෝහලට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට ගොස් ආපසු එන අතරවාරයේ මොහු බුදු කුටිය කඩා පඬුරු මුදල සොරකම් කළ බවට සැකකරු පාපොච්චාරණය කර ඇති බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය. මෙම සැකකරු මාවනැල්ල, අලුත්නුවර පහළ වීදියේ බුදු පිළිමයක් තැන්පත් කර තිබෙන ස්ථානයේ සහ එම ප්‍රදේශයේ දේවාලයක පිංකැට ද බිඳ ඒවායේ තිබූ මුදල් ද සොරකම් කර ඇති බව පරික්ෂණවලින් හෙළිවී ඇතැයි පොලිසිය කියයි.
මත්ද්‍රව්‍ය පානය කිරීමට මුදල් සොයාගැනීමේ අරමුණින් සැකකරු මෙසේ බුදු කුටිවල පිංකැට කඩා ඒවායේ තිබෙන මුදල් සොරාගෙන ගොස් ඇති බව පෙනී යන්නේ යැයි පොලිසිය කීය.
අත්අඩංගුවට ගත් සැකකරු මීට පෙර ද පිංකැට කඩා මුදල් සොරා ගැනීමේ සිද්ධීන්වලට පොලිස් අත්අඩංගුවට ගත් අයකු බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
හිඟුල බුදු පිළිමය තැන්පත් කර තිබූ බුදු කුටියේ ඉදිරිපස වීදුරුවට හානි කිරීම අන්තවාදී කණ්ඩායමකගේ හෝ ත්‍රස්තවාදී ක්‍රියාවක් බවට
සබරගමුව පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සහ කෑගල්ල දිසා බාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත චන්ද්‍රසිරි යන මහත්වරුන්ගේ උපදෙස් මත කෑගල්ල කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.බී. කීර්තිරත්න මහතාගේ මෙහෙයවීම යටතේ මෙම සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ පවත්වාගෙන යයි.
සැකකරු ඊයේ (5) මාවනැල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු අද (6) දින තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාවනැල්ල මහේස්ත්‍රාත් උපුල් රාජකරුණා මහතා නියෝග කර ඇත.
මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ කෑගල්ල හෙට්ටිමුල්ල මිනුවන්ගමුව පදිංචි මනන්ලාගේ ප්‍රියන්ත සම්පත් කුමාර හෙවත් ‘පින්කැටයා' නමැති තිස් හැවිරිදි අයෙකි.
- පී ශාන්ත බණ්ඩාර -
0 Comments