
ලෝක මට්ටමේ පිළිගැනීමක් තවම නැති ඉන්දියාවේ භාරත් බයෝටෙක් (Bharat Biotech) එන්නත් තොගයක් ඉදිරි සති දෙක ඇතුළත ශ්‍රී ලංකාවේ කොරෝනා මර්දනය සඳහා ඉන්දියාවෙන් ලැබෙනු ඇති බවට එක්සත් ජනපද ප්‍රවෘත්ති ජාලයක් වන බ්ලූම්බර්ග් නිවුස් සිකුරාදා (15) වාර්තා කර තිබේ.
කොරොන වයිරස් එන්නත් ලබා දීමේදී ඉන්දියාවේ ඉහළම රාජ්‍ය තාන්ත්‍රිකයා වන විදේශ ඇමතිවරයා
ශ්‍රී ලංකාවට ප්‍රමුඛතාවය ලබා දෙන බවට කළ ප්‍රකාශය අනුව මෙය සිදුවනු ඇති බවට එහි වැඩිදුර කියැවේ.
නේපාලය, බංග්ලාදේශය, ශ්‍රී ලංකාව, ඇෆ්ගනිස්ථානය, සීෂෙල්ස් සහ මොරිෂස් වෙත සැපයීම සඳහා එම තොග සූදානම් කර ඇති බවට වාර්තා පළව තිබේ.
මෙම අදියරේදී ශ්‍රී ලංකාවට එන්නත් නොමිලේ ලැබේද, නොමිලේ නොලැබේ නම් ඒ සඳහා කොපමණ මුදලක් වැය වේද, හෝ මාත්‍රා කීයක් ලබා දෙනු ඇත්ද යන්න තවම පැහැදිලි නැත.
බ්ලූම්බර්ග් දන්වා තිබුනේ ඉන්දියානු රාජ්‍ය සමාගමක් විසින් ඉන්දියාවේ සේරම් ආයතනයෙන් සහ භාරත් බයෝටෙක් ආයතන වලින් එන්නත් මිලදී ගන්නා බවයි.
ඊයේ රාත්‍රියේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ජාතිය අමතමින්ද මේ ගැන පැවසුවේය. ඉන්දියාව මෙහෙයවනු ලබන්නේ මානව කේන්ද්‍රීය ප්‍රවේශයකින් බවත් සැමවිටම ගෝලීය යහපත උදෙසා කටයුතු කරන නිසා COVID-19 එන්නත් සැපයීම සිදු කර වසංගතය පැතිරීම මෙන්ම ආර්ථික පුනර්ජීවනය කලාපය තුළ ඇති කිරීමට අපේක්ෂා කරන බවත් දැක්වීය.
ජනවාරි 12 වන අඟහරුවාදා ශ්‍රී ලංකාව චීන එන්නත් සඳහා ඉල්ලීමක් ද භාර දුන් අතර ඊයේ වාර්තාවූයේ රුසියානු ස්පුට්නික්5 එන්නත ලබාගැනීමට හදිසි ඉල්ලීමක් කර ඇති බවයි.
Comments
Post a Comment
Your comment will be visible after approval