ඉන්දියාවේ සිට ලංකාවට ගොඩ බෑ එන්නත් තොගය සම්බන්ධ පුවත සමග රජයේ මාධ්‍ය වල සඳහන් නොකළ නමක් එම පුවරු තුළ සටහන් විය. එය නම් 'Vaccine Maitri'ය. ඒ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ගැන නොවන අතර ඉන්දියාව අසල්වාසියන්ට දක්වන කරුණාව මිත්‍රත්වය ගැන අරුත පදනම් කරගෙන ලංකාව ඇතුළු අනෙක් රටවල්වලට බෙදාහැරීමේ ව්‍යාපෘතිය හැඳින්වූ නමය.
ඉන්දීය රජය විසින් කෝවිඩ් -19 එන්නත් මිලියන ගණනක් ලබා දීමෙන් ප්‍රතිලාභ ලැබූ ඉන්දියාවේ අසල්වැසි රටවල් අතර භූතානය මාලදිවයින සීෂෙල්ස් බංග්ලාදේශය මුරුසිය මොරොක්කෝව මියන්මාරය නේපාලය සහ ශ්‍රී ලංකාව සිටී.
ජනවාරි 20 වනදා ආරම්භවූ වැක්සීන් මෛත්‍රී ව්‍යාපෘතිය
ඉන්දියාවේ කෝවිඩ් -19 එන්නත ලබා දීමේ වැඩසටහන පිළිබඳව නරේන්ද්‍ර මෝඩි මහතා කියා සිටියේ, “මෙම වසංගතය තුළ අප විඳදරාගත් සියලු දුක් වේදනා සමනය කිරීමේ පිළිතුරක් ලෙස මෙය පැමිණෙනු ඇතැයි තමන් අපේක්ෂා කරන” බවයි.
කොවිඩ් -19 වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා ගෝලීය සාමූහික ප්‍රයත්නයන්හි සන්දර්භය තුළ,
කොවිඩ් -19 එන්නත ලබා ගැනීමේදී හා ඒවා ලබා දීමේදී සංවර්ධනය වෙමින් පවතින හා දුප්පත් රටවලට අභියෝගයක් විය හැකි බුද්ධිමය දේපල ගිවිසුම් තාවකාලිකව අත්හැර දැමීමේ යෝජනාවක් ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව විසින් ලෝක වෙළඳ සංවිධානයට (WTO) රපෝර්තු කර ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) ඇතුළු පුළුල් සහයෝගයක් ලබා ගත් මෙම යෝජනාව දුප්පත් රටවල විශාල මහජනතාවගේ ප්‍රයෝජනය සඳහා අනුමත කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු යයි ඉන්දියාව දන්වා ඇත.
මේ අතර කොරෝනා එන්නත් අසල්වැසියන්ට සැපයීම ඉන්දීය විදේශ ප්‍රතිපත්තියේ පෙරළිකාර වෙනසක් (ගේම් චේන්ජ්) ලෙසද ඇතැම් විදෙස් වාර්තා වලින් පැහැදිලි කර ඇත.
0 Comments