අද වනවිට ලොව පුරා සෑම අස්සක්මුල්ලක් නෑරම පැතිරි ඇති නව කොරෝනා හෙවත් COVID-19 වෛරසය චීනයෙන් හඳුනාගැනීමට පෙරාතුව ඉතාලියෙන් වාර්තා වී තිබූ බව එරට සිදුකළ අලුත්ම අධ්‍යයනයකින් හෙළිදරව් වී තිබේ.
ඉතාලියේ මිලාන් විශ්වවිද්‍යාලය මගින් මෙම අධ්‍යයනය සිදුකර ඇත.
ඒඅනුව ඉතාලිය තුළ පළමු COVID-19 රෝගියා ලෙස කාන්තාවක වාර්තා වී ඇත් 2019 වසරේ නොවැම්බර් මාසයේදී බව මෙම පර්යේෂකයන් සඳහන් කරයි. එහෙත් ඉතාලිය තුළ පවතින වාර්තාවලට අනුව COVID-19 ආසාදිත බවට ප්‍රථම වරට නිල වශයෙන් රෝගියකු හඳුනා ගැනුණේ 2020 පෙබරවාරි මාසයේදීය.
මෙම අධ්‍යයනය පසුගිය ජනවාරි 07 බ්‍රිතාන්‍යයේ British Journal of Dermatology හි ප්‍රසිද්ධියට පත් කෙරී ඇති අතර, මේ පිළිබද වාර්තාව පසුගිය සඳුදා කෙරුණු La Repubblica නම් පුවත්පත මගින් වාර්තා කර තිබේ.
ඒ අනුව 2020 වසරේ ආරම්භයේදී සෞඛ්‍ය බලධාරීන් විසින් ඉතාලිය තුළ නිල වශයෙන් මෙම COVID-19 රෝගීන් හදුනාගැනීමට පෙරාතුව ඉතාලිය සහ බොහෝවිට යුරෝපය තුළත් මෙම නව කොරෝනා වෛරසය පවතින්නට ඇති බවට මෙය ආසන්නතම සාක්ෂියක් බවට පත්වන බවත් විදෙස් මාධ්‍ය සඳහන් කර සිටියි.
වාර්තා සඳහන් කරන ආකාරයට ඉතාලිය තුළ ප්‍රථම නිල COVID-19 රෝගියා වාර්තා වී ඇත්තේ පෙබරවාරි මාසය අගදීය.
එහෙත් මින්පෙර සිතූ කාලයට පෙරාතුව මෙම වෛරසය ලොව පුරා ව්‍යාප්තව ඇති බවට මෙය අමතර සාක්ෂි සපයයි.
ඒ අනුව මෙම COVID-19වෛරසයේ කාලය සහ සිතියම මෙන්ම සම්ප්‍රේෂණ මාර්ගය පිළිබදව තවදුරටත් දැනුම පුළුල් කරගැනීම සදභා මෙම නව සොයාගැනීම විද්‍යාඥයන් වෙත යොමු කරවන බවද සදහන් වෙයි. ඒ අනුව මෙම නව සොයා ගැනීමත් සමග ඉතාලියෙන් හමුවුණු මෙම කාන්තාව 'පළමු රෝගියා' (Patient Zero)ලෙස නම් කළ හැකි බවද මෙම පර්යේෂකයන් යෝජනා කර සිටියි. වයස අවුරුදු 25ක් වන මෙම කාන්තාවගේ මතුපිට සමෙහි සිදුකළ බයොප්සි පරික්ෂාවකින් අනතුරුව ඇය තුළ මෙම කොරෝනා වෛරසය තිබී ඇති බව හදුනාගෙන ඇත. 2019 වසරේ අවසන් මාස කිහිපයේදී මෙවැනි බයොප්සි සාම්පල ලබාගැනීම සිදුකර තිබේ.
පර්යේෂකයන්ට අනුව මෙම කාන්තාව සතුව සම මතුපිට රතු පැහැ බිබිලි දැමීම සහ උගුරේ අපහසුතා වැනි රෝග ලක්ෂණ තිබී ඇත. කෙසේ වෙතත් ඇය COVID-19 ප්‍රතිදේහ සඳහා ධනාත්මක බවට පරීක්ෂා වී ඇත්තේ 2020 ජූනි මාසයේදීය. ඒ අනුව ඇය සතුව වෛරසය ආසාදිතව තිබූ බවට ඉතිහාසයක් පවතින බවට මෙය පැහැදිලි සඳහනක් බවද පර්යේෂකයෝ පවසා සිටිති.
මෙම අධ්‍යයනය සඳහා සම්බන්ධ වූ මිලාන් විශ්වවිද්‍යාලයේ පර්යේෂක රෆායෙල් ගිආනොට්ටි, ඇතැම් COVID-19 ආසාදිත සිදුවීම් තුළදී සම මතුපිට රෝගී තත්වයක් ඇති ලක්ෂණ පමණක් පෙන්නුම් කරන බව පවසා සිටියි. ඒ අනුව මෙවැනි සමෙහි රෝගී තත්වයන් COVID-19 රෝගීන් 5%ත් 10%ත් අතර ප්‍රතිශතයක් තුළ නිරික්ෂණය කිරිමේ හැකියාව පවතී. ඒ හේතුවෙන් සමෙහි රෝග පවතින පිරිස් තුළ ඊට පෙර COVID-19 වෛරසය ආසාදනය වී තිබුණේ ද යන්න පිළිබඳව පැහැදිලිව හඳුනාගැනීම සුදුසු බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කරයි.
0 Comments