පෙම් සබඳතාවක් පවත්වා පසුව ජපානයෙන් පැහැරගෙන පැමිණි බාල වයස්කාර කෝටිපති පෙම්වතිය අධිකරණ නියෝග මත රාගම සර්වෝදය රැඳවුම් මධ්‍යස්ථානයක තනිව දිගුකාලයක් රඳවා තැබීම නිසා ඇය දැඩි මානසික පීඩනයකට ලක්ව ඇති බවත් මේ වන විට ඇය හත්මස් ගැබිනියක බවත් එම තත්වය සලකා ජපන් යුවතියගේ භාරකාරත්වය පෙම්වතාගේ මවට (නැන්දනියට) භාරදෙන ලෙස කළ ඉල්ලීම පිළිබඳව අවධානය යොමුකර ජපන් යුවතියගේ පෙම්වතාට සතියකට වරක් රැඳවුම් නිවසට ගොස්
මෝසමක් ගොනුකරමින් මෙම නඩුව අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ශලනි ධම්මිකා ද සිල්වා මහත්මිය අධිකරණය හමුවේ කැඳවූවාය.
නඩුව කැඳවූ අවස්ථාවේ මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් ටී.එන්.එල්. මහවත්ත මහත්මිය හමුවේ කරුණු දැක්වූ නීතිඥ ශලනි ධම්මිකා ද සිල්වා මහත්මිය ජපානයේ සිට සෝරා ඔසකි (16) නමැති යුවතිය පෙම්වතා සමග ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ ජපන් යුවතියගේ මව කළ පැමිණිල්ල අනුව එම යුවතිය අත්අඩංගුවට ගෙන රාගම සර්වෝදය ළමා නිවාසයේ අධිකරණ නියෝගය මත රඳවා ඇතැයි පැවසුවාය.
එම තත්වය යටතේ මාස ගණනාවක් ළමා නිවාසයේ රඳවා සිටින ජපන් යුවතිය දැඩි මානසික පීඩනයකට ලක්ව සිටින බවත් ඇයගේ ජීවිතය මේ වන විට අනතුරුදායක තත්ත්වයක ඇති බවත් ඒ අනුව ඇයගේ භාරකාරත්වය පෙම්වතාගේ මවට භාර දෙන ලෙසත් නීතිඥවරිය අධිකරණය හමුවේ ඉල්ලා සිටියාය.
ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් ප්‍රධාන මහේස්ත්‍රාත් ටී.එන්.එල්. මහවත්ත මහත්මිය පෙම්වතාට තම පෙම්වතිය බැලීමට සතියකට වරක් රැඳවුම් නිවාසය වෙත යෑමට අවසර දුන්නාය.
එම යුවතියගේ භාරකාරත්වය පිළිබඳව පරිවාස වාර්තා ලද පසුව ඒ පිළිබඳව සලකා බලන බව ද දැනුම් දුන්නාය. වැඩිදුර විභාගය 2021 මාර්තු මස 24 වැනිදා දක්වා කල්තැබිණි.
කොච්චිකඩේ පොලිසිය පැමිණිල්ල මෙහෙයවීය. අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ චන්ද්‍ර ජයසේන මහතා සහ ශලනි ද සිල්වා මහත්මිය පෙනී සිටියහ. වැඩිදුර විභාගය මාර්තු මස 24 වැනි දිනට කතැබිණි.
- ඩබ්ලිව් කීර්ති -
0 Comments