කේ සුජිවා සහ අජිත් මුතුකුමාරණ යුවළ එක්වූ පුවත මීට කාලයකට පෙර ආන්දෝලනාත්මක පුවත් මවන ලදි. දෙන්නාම වෙනත් විවාහ දෙකක් අතහැර එක වහළක් යටට පැමිණ ගෙවූ ඒ යුගය මේ වනවිට නිමාවට පත්ව තිබේ. අජිත් නැවත සිය පරණ විවාහය දරුවන් සොයාගෙන ගොස් ඇත්තේ සුජීවා අතහැර දමාය.
ගුවන්විදුලි නාලිකාවක් සමග පැවැත්වූ සාකච්ඡාවකදී කේ.සුජීවා මෙම කාරණා හෙළි කර තිබුනේ පහත පරිදිය.
අවුරුදු 6ක් තිස්සේ දිගින් දිගටම මුහුණු පොත හරහා ඔබගේ අජිත් මුතුකුමාරගේ පවුලෙ අයගේ ඡායාරූප පළවුණා. හැබැයි දැන් ඒක නැතිවෙලා තියෙනවා. එතකොට දැන් අපි දකින්නේ අජිත් මුතුකුමාරණ ඔහුගේ කලින් බිරිඳත් එක්ක මුහුණු පොතේ ඡායාරූප පළ කරනවා. එකට මොකක් හරි හේතුවක් තියෙනවාද?
ඒකට හේතුවක් ඔය ප්‍රශ්නේම තියෙනවා මම හිතන්නේ.
මම ඇහුවොත් එ කියන්නේ ඔබ පිරිමින්ට රැවටුනාද කියලා ?
ඕව්. (සිනාසී) රැවටුනාද කියලා කිව්වොත් මෙහෙමයි පිරිමින්ට රැවටුනා කියලා කියන්නත් බැහැ. ආදරේට රැවටෙනවා ඇති මම. සමාන්‍යයෙන් ඕනම කෙනෙක් අපේ ගෙදර හදන සතෙක් වුනත් අපි ඔළුව අතගලා කෑම දීලා ආදරෙන් සලකද්දී අපේ පස්සෙන් එනවානේ.. එ ආදරේ සතෙකුට එහෙම දැනෙනව නම් මනුස්සයෝ වෙන අපිට ඊට වඩා දැනෙනවා කියන එක අපි පිළිගන්න ඕන. පොඩි වෙනසක් තියෙන්නේ අපි අතගලා කෑම දීලා සතෙක් ගෙදර හදනාකොට එක වෙනසයි මනුස්සයන්ටයි සතුන්ටයි තියෙන්නේ. ඒ උන්ට කෙලෙහෙි ගුණ තියෙනවා. එතකොට මම කියන්න කැමති තෝරාගත් ආදරේ කරපු ආදරෙන් හිටපු අයට මම රැවටෙන්න ඇති ඉතිං.
ඉදිරියේදි ගන්න තීරණ වුනත් මීට වැඩිය හිතලා ගත්තොත් හොඳයි නේද?
අනිවාර්යෙන්. තීරණයක් ගන්නේම නැති තරම්.මොකද ගත්ත තීරණය ජිවිතේ ඒ වගේ බරපළ තීරණ ගත්තේ දෙපාරයි. දෙකම වැරදි. තුන්වැනිපාර තීරණයක් ගනිද්දී තීරණයක් ගන්නවාද නැද්ද කියන එක ගැනත් හිතන්න ඕන. මම හිතන්නේ Bad experience දෙකක් තියෙනවා Life එකේ. මට හිතෙනවා අයිත් decision එකක් ගත්තොත් එක මට දැන් ඉස්සරට වැඩිය ලොකු පිරිසක් ඉන්නවා මගේ වටේ.
දරුවෝ දෙන්නෙක් එක්ක ගෙවන ජිවිතේ එ තරම් ලේසි නැ නේද?
දරුවෝ දෙන්නෙක් එක්කගෙවන මේ ජිවිතේ දැන් නම් හරි ලේසි. හැබැයි මුලදී ඒ තරම් ලේසි වුනේ නැහැ. ඒ කියන්නේ දරුවෝ දෙන්නටම අම්මා තාත්තා දෙන්නාම වුනේ මම පොඩි කාලේ ඉඳලා. ඉතිං ඒ චරිත දෙක රඟපාන ඒක ටිකක් අමාරුයි. තනි චරිතයක් නෙමෙයි නිසා. ඒ වගේම Finacial පැත්තේ ඒ දෙන්නගේම හැමදෙයක්ම දරන්න වෙන්නේත් මට. දරුවෝ දෙන්නා ලොකේට හොඳ දරුවෝ දෙන්නේක් වෙන්නත් ඕන. ඒ වගේම මගේ දුක, කඳුල මගේ ඇතුලේ තියෙන පීඩාව මට එළියට පෙන්න ගන්න බැහැ ඒ දෙන්නට. මොකද මගේ Mood එක තමයි Refelect වෙන්නේ එයාලාගේ මුණවල් වල. ගොඩක් අමාරු සහ හිතාගන්න වචන වලින් කියා ගන්න බැරි තරම් කටුක, දුෂ්කර කාලයක් මම ගත තරපු කෙනෙක්. හැබැයි මේ වෙද්දී මම හිතන්නේ ඒ දෙන්නා ලොකුයි. ඒ දෙන්නාට සමාන්‍ය දැනුමක් දැන් තියෙනවා සමාජය ගැන. මේ වෙද්දී ඒ දෙන්නාට සමාජ ගැන සහ ජිවිතය ගැන සැහෙන්න දුරකට අවබෝධයක් තියෙනවා. දැනුමක් තියෙනවා. මම හිතන්නේ දැන් ගෙවන ජිවිතේ දරුවෝ දෙන්නෙක් එක්ක අම්මා කෙනෙක් විදියට ඉතා සතුටින් සාර්ථක ගමනක් මේ යන්නේ. මොකද එ දෙන්නා මට මගේ හැම වැඩකදීම,හැම ප්‍රශ්නයකදීම ,හැම දුකකදීම මාව ශක්තිමත් කරන්න ඒ දෙන්නා ඉන්නවා. ඒ නිසා දැන් මම තනි අම්මා කෙනෙක් විදියට ගෙවන ජිවිතේ ඉතා සතුටින් සාර්ථකව ගෙවනවා. හැබැයි මම ආපු ගමන හැරිලා බැලවොත් සුන්දර,ලස්සන ගමනක් නෙමෙයි.
දුවලා දෙන්නත් මේ වෙද්දී ගායන ක්ෂේත්‍රයේ ජනප්‍රිය තැනක ඉන්නවා එයාලාගේ අනාගතය ගැන මොනවගේ තීරණද අරන් තියෙන්නේ දැන් වෙද්දී?
මම මේ වෙද්දී බෞද්ධයෙක්. ඉතිං අනාගතය ගැන මට මේ වෙද්දී තිරණය කරන්න බැහැ. අද ඉන්නවා හෙට මොනවා වෙයිද කියන්න බැහැ. ඒ දෙන්නා ඉතා හොඳින් ඉතා සාර්ථක ගමනක් යන්න ඕන කියන එක තමයි මගේ ප්‍රාර්ථනාව. හැබැයි ඒ දෙන්නාගේ අනාගතේ ඒ දෙන්නා මේවා කරන්න ඕන මේවගේ දේවල් හදන්න ඕන කියලා දේවල් මම හෙට ගැන Plan කරන්නේ නැති සැලසුමක් ඇතුව මම හෙට මේ මේ list එකේ වැඩ ටික කරන්නේ කියලා හිතන්නේ නැ. මොකද අපි අද රැට දැන් නිදගන්නකොට නැගිට්ටේ නැත්තම් එතකොට ඒ ඒක වැඩක්වත් කෙරෙන්නේ නැ ඉතිං ඒ නිසා අද මේ වේලාව මම ඉතා හොඳින් පාචිච්චි කරලා ඉතා සතුටින් ඉන්නවා..
0 Comments