හත්තාන ප්‍රදේශයේ ලැගුම්හලක කාන්තාවක සමග ලැගුම් ගෙන සිටි පුද්ගලයකු අභිරහස් ලෙස මියගොස් ඇති අතර, එම මෘත දේහය සම්බන්ධයෙන් සිදුකළ පී.සී.ආර්. පක්ෂණයේදී  මියගිය පුද්ගලයාට කෝවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග විමර්ශන කටයුතුවලට ගිය මහනුවර මූලස්ථාන පොලීසියේ අපරාධ අශයේ ස්ථානාධිපතිවරයා  ඇතුළු නිලධාරින් පිරිසක් නිරෝධායනයට යොමු කිරීමට පියවර ගෙන තිබෙන බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.



දෙසැම්බර් මස 31 වැනි දින රාත්‍රී හැටන් දික්ඔය ප්‍රදේශයේ සිට පැමිණි කාන්තාවන් දෙදෙනකු හා පිරිමින් දෙදෙනකු පතාන ප්‍රදේශයේ ලැගුම්හලක කාමර දෙකක්" වෙන් කරවාගෙන නැවතී ඇති අතර ජනවාරි මස 02 දින පිරිස අදාළ කාමරවලින් ඉවත්ව ගිය පසු ලැගුම්හලේ සේවකයෙකු  කාමර පිරිසුදු කිරීමට පැමිණි අවස්ථාවේ එහි නාන කාමරයක් තුළ පුද්ගලයකු මියගොස් සිටින බව දැක ඒ පිළිබඳව පොලීසිය දැනුවත් කිරීමෙන් පසු මහනුවර පොලීසියේ අපරාධ අංශය විසින් විමර්ශන කටයුතු ආරම්භ කරමින් මියගිය පුද්ගලයා සමග පැමිණි කාන්තාවන් දෙදෙනා හා අනෙක් පුද්ගලයාද අත්අඩංගුවට ගෙන මේ වනවිටත් මහනුවර මූලස්ථාන පොලීසියේ රඳවාගෙන සිටි.


-ෂෙන් සෙනවිරත්න-