
වැල්ලම්පිටිය කොටුවිල ප්‍රදේශයේ පදිංචි කොවිඩ් ආසාදිත කාත්තාවක වැටුප් ලබාගැනීම සඳහා කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි කාර්යාලයක් වෙත යාම හේතුවෙන් එම කාර්යාලයේ 8 දෙනකු ඇතුළු 47 දෙනකු ස්වයං නිරෝධායනයට යොමු කළ බව
සෞඛ්‍ය අංශ ආරංචි මාර්ග කියයි.ස්වයං නිරෝධායනය සඳහා යොමු කර සිටින බව දැන දැනම ඇයගේ අංශ ප්‍රධානියා ඇය වැටුප් ලබාදීම සඳහා කාර්යාලයට කැඳවා ඇති බවද සෞඛ්‍ය අංශ පවසයි. මෙම අංශ ප්‍රධානියාගේ වගකීම විරහිත ක්‍රියාව සම්බන්ධයෙන් කනගාටු වන බවද සෞඛ්‍ය අංශ සඳහන් කරයි. මේ සිද්ධියෙන් පසුව එම සේවිකාව ප්‍රතිකාර මධ්‍යස්ථානයකට යොමුකර ඇති අතර ඇය සමග කාර්යාලයේ සිටි සේවක සේවිකාවන් 8 දෙනකු ද ඇය ඇසුරු කළ අසල්වැසියන් ඇතුළු 39 දෙනකුද පී.සී.ආර්. පරික්ෂණ සිදුකරන තෙක් ස්වයං නිරෝධායනයට යොමු කළ බව සෞඛ්‍ය අංශ පවසයි.
-ඉන්දිකා රාමනායක-
-------
[Send your emails to editor - editor@gossiplankanews.com]
Comments
Post a Comment
Your comment will be visible after approval