කුරුණෑගල නගර සීමාව තුළ තිබූ පෞරාණික වටිනාකමකින් යුතු රජපිහිල්ල උද්‍යානය ඊයේ (02) දින ඩෝසර් කර ඇති බව වාර්තා වේ.
 
කුරුණෑගල නගර සභාවේ යෝජනා සම්මතයක් අනුව එය සිදුකරන ලද බව ප්‍රකාශ කර තිබේ. එහෙත් නගර සභාව විසින් නිසියාකාරව සම්මත කර ගත් සංවර්ධන සැලැස්මක් හෝ නොමැතිව මෙම උද්‍යානය ඩෝසර් කර ඇති බව වන් ප්‍රසන්ට් අයිඩියා නම් සංවිධානය පවසයි.


එම උද්‍යානය අදියර දෙකක් යටතේ සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇති අතර එහි පළමු අදියර ලෙස පෞද්ගලික ආයතනයකට උද්‍යානයේ ඇති ගස් ඉවත් කිරීමට බාර දී ඇත.

කොහොඹ, මාර, ඇහැටු, නෙල්ලි සහ කොස් යන පැරණි වෘක්ෂයන් රාශියක් මෙසේ විනාශ කර දමා ඇත. එහි ගස් 28ක් ඉවත් කිරීමට සලකුණු සලකුණු කර තිබුණත් දැනටමත් ගස් 32ට ආසන්න ප්‍රමාණයක් ඉවත් කර ඇති බව වන් ප්‍රසන්ට් අයිඩියා නම් සංවිධානය පවසයි.

එමෙන්ම උද්‍යානය තුළ තිබූ පෞරාණික වටිනාකමක් සහිත නිසාම අවස්ථා කිහිපයකදී ප්‍රතිසංස්කරණය කරන ලද ගොඩනැගිල්ලක්ද ඩෝසර් කර ඇති බව වන් ප්‍රසන්ට් අයිඩියා නම් සංවිධානය පවසයි.

නගර සභාවේ අනුමැතිය සහිතව නාගරික සංවර්ධන අධිකාරිය විසින් මෙම ඩෝසර් කිරීම සඳහා සෝල් ඉංජිනියරින් කම්පැනි නම් සමාගමකට මේ සඳහා කොන්ත්‍රාත්තුව බාර දි තිබේ.

ඔවුන් විසින් ගොඩනැගිල්ලේ පෞරාණික බව විනාශ කර ඇති බව වන් ප්‍රසන්ට් අයිඩියා නම් සංවිධානය පවසයි.
මේ සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව මහතා සඳහන් කළේ මාධ්‍ය හමුවක් කැඳවා මේ ගැන කරුණු පැහැදිලි කරන බවයි.