පිරිනමමින් ලොතරැයි ජයග්‍රාහී මුදල් දූ දරුවන්ගේ පවුලේ හා අවසානයේ රටේ යහපත වෙනුවෙන් යොදවන්නැයි ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
ජයග්‍රහණය කළ මුදල් පෞද්ගලිකව දිනාගත්තද මෙම මුදල් නිසි පරිදි තමන්ගේ දියුණුව වෙනුවෙන් යෙදවීමට කටයුතු කරන්න. දූ දරුවන් මෙන්ම පවුලේ අනාගතය වෙනුවෙන් මෙම මුදල් කදිම ආයෝජනයක් ලෙස යෙදා ගත හැකියි. විශාල මුදල් ප්‍රමාණයක් ලැබූ පමණින් එම මුදල් අනවශ්‍ය දෑ සඳහා වැය කිරීමෙන් අවසානයේ කිසිවක් නැති තත්ත්වයට නැවත පත්වන්න පුළුවන්. ඇතැම් කෝටිපති ලොතරැයි ජයග්‍රාහකයන් මෙවැනි ජයග්‍රහණවලින් පසුව දුර්වල මුදල් පරිහරණය නිසා හිටපු තත්ත්වයටත් වැඩිය පහළ මට්ටටමට වැටිලා තියෙනවා. එවැනි උදාහරණ ඕනෑ තරම් අපට දැනගන්න ලැබිලා තියෙනවා. ඒ නිසා මේ මුදල් දූ දරුවන්ගේත් පවුලේත් අවසානයේ රටේ යහපත වෙනුවෙන් යොදවන්න යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී සිහිපත් කළේය.
මෙම අවස්ථාව සඳහා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති අමිත ගමගේ මහතා ඇතුලු පිරිසක් එක්ව සිටියහ.
0 Comments