බක්මිටියාව රක්‍ෂිත ප්‍රදේශයේ අනවසරයෙන් පවත්වාගෙන ගිය අක්කරයක පමණ ගංජා හේනක් වැටලීමට යුද හමුදාව සමත් විය.
රුපියල් මිලියන 10 ක පමණ වටිනා කමකින් යුතු මෙම ගංජා තොගය
කුඹුක්කන මොණරාගල 12 වන සේනාංකයට අයත් 121 වන බලසේනාව යටතේ පාලන වන 18 වන ගැමුණු හේවා බලඇණියේ භටපිරිස් විසින් ටටළන ලදි.
ජනවාරි මස 26 වන දින සිදු කළ වැටළීමෙන් පසු 12 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ප්‍රසන්න රණවක ගේ උපදෙස් පරිදි දමන පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරීන්ගේ නිරීක්‍ෂණය යටතේ එම ස්ථානයේදිම විනාශයට පත්කිරීමට කටයුතු කරන ලදී.
ගංජා හේනේ ඡායාරූප හා වීඩියෝවක් මේ සමග පළවේ.
Comments
Post a Comment
Your comment will be visible after approval