කොළඹ නවලෝක රෝහල හා කොළඹ නාරාහේන්පිට පිහිටි ‘ලංකා හොස්පිටල්ස්’ යන පුද්ගලික රෝහල් ප්‍රථම වතාවට කොරෝනා රෝගීන් ඇතුළත් කිරීමේ කටයුත්ත භාරගෙන තිබේ.
ලංකා පුද්ගලික රෝහලේ දැනටම ආසාදිතයන් 100 දෙනෙකුට ආසන්න පිරිසක් සත්කාර ලබමින් පසුවන බව කියැවේ.
මෙම නේවාසික ප්‍රතිකාර සඳහා ඉහළ මිලක් අයකෙරෙන අතර ප්‍රභූ පිරිස් ඒ වෙත ආකර්ෂණය වී ඇති බව පැවසේ.
හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා කියා සිටියේ පුද්ගලික රෝහල් වලට ද ආසාදිතයන්ට නේවාසික ප්‍රතිකාර ලබාදීමට අවස්තාව සලසා ඇති නිසා ඉදිරියේදී තවත් රොහල් මීට එක්විය හැකි බවයි.
මින් ඉහත පැවති නීති රීති අනුව කොරෝනා සඳහා සත්කාර රජයේ රෝහල් වල පමණක් සිදු කෙරුණ නමුත් මේ වනවිට අධික ගහණයකින් රෝගීන් වාර්තාවීමත් රජයේ රෝහල්වල ඉඩ පහසුකම් සීමාවීමත් නිසා මෙම පියවරට යොමුව ඇත.
0 Comments