පසුගියදා ආන්දෝලනයක් ඇති කරමින් පානදුර ප්‍රදේශයේ මහදවාලේ සිදුවූ පුද්ගල ඝාතනයට දේශපාලකයෙකු සම්බන්ධ බවට මේ වනවිට අනාවරණයවී ඇත.


ඝාතනයේ මහමොළකරු ලෙස මේ දක්වා හදුනාගෙන සිටි ‘කුඩු සලිදු’ නැමැත්තා හා ප්‍රබල දේශපාලකයකු අතර දුරකතන සංවාද කිහිපයක් පොලිසියට සවන්දෙන්නට ලැබීමෙන් පසු මේ බව තහවුරුවී තිබේ.

මේ දිනවල සමාජයේ කතාබහට ලක්වන චරිතයක් බව කියන මෙම ප්‍රබල දේශපාලඥයා ගේ නම සියලු පරීක්ෂණ අවසානයේ සාක්ෂි සමග හෙළිකරන බව පොලිසිය දන්වා ඇත. දේශපාලඥයා සහ මෙම පුද්ගලයා අතර පවතින සම්බන්ධතාව කුමක්ද යන්න සම්බන්ධයෙන් මේ වනවිට විමර්ශනය අවසන් නැති බවද වාර්තාවේ.