
කොළඹ මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ නිල නිවාස මෙතෙක් බාරදී නැති හිටපු මන්ත්‍රීවරුන් පස් දෙනකුගේ එම නිවාසවල විදුලිය සහ ජල සැපයුම විසන්ධි කළ බව පාර්ලිමේන්තු නිලධාරීහු පවසති.
අලුතින් පත්වුණු මන්ත්‍රීවරුන් දස දෙනකුට පමණ මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් නිවාස ලබාදීමට නියමිතව ඇතැයි ද එම ප්‍රකාශකයා සඳහන් කළේය. මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් මේ වනවිට නිල නිවාස ලබාගෙන ඇති නවක මන්ත්‍රීවරුන් සංඛ්‍යාව අසූවකට ආසන්න පිරිසක් පසුගිය කාලයේදී මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් ඉවත්ව ගොස් ඇත්තේ සිහි කැඳවීම් ගණනාවක් කිරීමෙන් පසුව යැයි පාර්ලිමේන්තු ආරංචිමාර්ගවලින් පැවැසේ.
-සුජිත් හේවාජුලිගේ-
Comments
Post a Comment
Your comment will be visible after approval