කොවිඩ් 19 ආසාදනය වීමෙන් අනතුරුව ජාතික බෝවන රෝග රෝහලේ දැඩි සත්කාර ඒකකයට මාරු කළ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය තවම ප්‍රතිකාර ලබමින් පසුවන අතර ඇයට පවත්නා හුස්ම ගැනීමේ අපහසුතා හේතුවෙන් ඔක්සිජන් ලබා දුන්නද ඇයගේ තත්ත්වය අසාධ්‍ය නොවන බව අමාත්‍යවරියගේ සැමියා වන කාංචන ජයරත්න මහතා ඩේලි මිරර් පුවත්පතට පවසා තිබෙයි.
ජයරත්න මහතා පවසන පරිදි, පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කොතලාවල ආරක්ෂක පීඨ රෝහලේ කොවිඩ් 19 සඳහා ප්‍රතිකාර ලබමින් සිටියදීද හුස්ම ගැනීමේ අපහසුතා ඇති වී තිබුණි.
සෞඛ්‍ය අමාත්‍යවරිය දැඩි උණ සහ සෙම්ප්රතිශ්යාවෙන් පෙළෙන බැවින් වෛද්‍යවරු උපදෙස් දීම නිසා ඇයව IDH රෝහලේ දැඩි සත්කාර ඒකකයට මාරු කර තිබුණි.
‘පවිත්‍රා ශ්වසන ආධාරක මත ඉන්නේ.. නමුත් ඇය වේගයෙන් සුව වෙනවා..’ යනුවෙන් ඇගේ සැමියා පුවත්පතට දන්වා තිබේ.
සෞඛ්‍ය අමාත්‍යවරියගේ PCR පරීක්ෂණයෙන් පසුව ඇගේ සැමියා කාංචන ජයරත්න මහතා සහ දියණිය නිරෝධායනයකට ලක් කර ඇති නමුත් PCR පරීක්ෂණ සෘණාත්මක වී තිබුණි. ඇය සමග සැරිසරණ ආරක්ෂකයින් කිසිවෙකුටද ආසාදනය සිදුව නැත.
ධම්මික බණ්ඩාර ගේ කොරෝනා පැණිය ගැන සමියා පවසා ඇත්තේ ධම්මික බණ්ඩාර සෞඛ්‍ය අමාත්‍යාංශයට පැමිණි දිනයේ තෑගි ලෙසින් ලැබුණු පැණි හැන්දක් පමණක් ඇය පානය කළ බැවින් ඒ පැණි හැන්ද හා ආසාදනය අතර සම්බන්ධයක් නැති බවයි.
0 Comments