
රාජ්‍ය ඇමති පියල් නිශාන්ත මහතාට සිදු කළ පීසීආර් පරීක්ෂණය අනුව ඔහු කොරෝනා වෛරසය සඳහා ධනාත්මකවූ බව වාර්තාවේ.
ඒ අනුව පාර්ලිමේන්තුවේ සභිකයින් අතුරින් කොරොනා ආසාදනයවූ 04 වැනියා ලෙස ඔහු නම් කෙරේ.
සිදු කළ පීසීආර් පරීක්ෂණ අනුව පියල් නිශාන්ත මහතාගේ පවුලේ කිහිපදෙනෙකුටද කොරෝනා ආසාදනයවී ඇති බව වාර්තා කර තිබේ.
ඔවුන් සියල්ල දැන් නිරෝධායනය සඳහා යොමු කර ඇති අතර ආශ්‍රිතයින් සම්බන්ධ විමර්ශන අරඹා ඇත.
පියල් නිශාන්ත මහතා පසුගියදා කතානායක කාර්යාලයේදී ධම්මික ලබාදුන් පැණි සාම්පලය කතානායකවරයා හා සිය හිතවත් මන්ත්‍රීවරු කිහිපදෙනා සමග පානය කර එයට ප්‍රසිද්ධියක් ලබාදීමටද දායකවූ අයෙකි.

Comments
Post a Comment
Your comment will be visible after approval