කොරෝනා ආසාදිත රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාගේ ආශ්‍රිතයෙකු වීම හේතුවෙන් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ඇතුළු ඔහුගේ පවුලේ සාමාජිකයන් ස්වයං නිරෝධායනයට යොමු වී ඇති බව වාර්තා වේ.
මේ අතර රාජ්‍ය ඇමති පියල් නිශාන්ත කළුතර නියෝජනය කරන මන්ත්‍රීවරයෙකුවූ නිසා පසුගියදා හොරණ ටයර් කම්හල විවෘත කරන උත්සවයට එක්වූයේය. එම අවස්ථාවේත් ඔහුගේ ශරීරයේ වෛරසය පවතින්නට ඇති බවට සැක කෙරේ. එම උත්සවයට ජනපති, ඇමති විමල් ඇමති අමරවීර ඇමති රමේෂ් ඇමති රෝහිත ඇතුළු මැතිඇමතිවරුන් රැසක්ද සහභාගී වූහ.
0 Comments