පොල්ගොල්ල ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ පිහිටුවා ඇති කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ රෝගීන් පිරිසක් එහි උඩුමහලේ සිට කෙළ ගසමින් වෛරී ක්‍රියාවන්හි නිරතවෙමින් සිටින බැවින් එය පාලනය කිරීම සඳහා යුද හමුදාවේ සහාය ගෙන ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. මෙම කලහකාරි රෝගීන් අතර අටලුගම ප්‍රදේශයේ සිට රැගෙන ගිය පිරිසක් ද සිටින අතර, මොවුන් පොල්ගොල්ල කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයට රැගෙන යන අවස්ථාවේදී ද
මෙම පිරිස ප්‍රතිකාර මධ්‍යස්ථානයේ උඩුමහලේ සිට කෙළ ගසමින් කට සෝදා ඈතට විසිරී යන පරිද්දෙන් වතුර විසි කරමින් සහ එහි දේපළවලට අලාභ හානි කරමින් සිදුකරන ක්‍රියාවන් හේතුවෙන් එම තත්වය පාලනය කිරීම සඳහා පල්ලේකැලේ යුද හමුදා කඳවුරේ සහාය ලබාගෙන ඇති බවත් සෞඛ්‍ය අංශ පවසයි. පොල්ගොල්ල ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ කොවිඩ් රෝගීන් 300කට අධික සංඛ්‍යාවක් ප්‍රතිකාර ලබන බවත්, මොවුන්ගෙන් පිරිසක් මේ ආකාරයෙන් කලහකාරි ලෙස හැසිරෙමින් සිටින බවත් සෞඛ්‍ය අංශ සඳහන් කරයි. මෙම තත්වය හේතුවෙන් සෞඛ්‍ය අංශ දැඩි අර්බුදයකට පත්ව ඇති අතර, එය පාලනය කිරීම සඳහා ආරක්ෂක අංශවලට ද දැඩි පරිශ්‍රමයක් යෙදීමට සිදුවී ඇති බවත් එම ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ආරංචි මාර්ග පවසයි. සෞඛ්‍ය බලධාරීන් සඳහන් කරන්නේ, මොවුන්ගේ මේ හැසිරීමට හේතුව එක තැනක සිරවී සිටීමෙන් ඇති වූ මානසික පීඩන තත්ත්වයක් බවයි.
-නිමන්ති රණසිංහ-
0 Comments