ගම්පහ , පහළගම ප්‍රදේශයේ නිවසක සුනඛයන් 20දෙනෙකු පමණ ඇති කරන බැවින් මෙය ප්‍රදේශවාසීන්ට හිරිහැරයක් බවට ගම්පහ මූලස්ථාන පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කොට ඇත.
පොලිස් නිලධාරිනියක විසින් මෙලස සුනඛයන් ඇති කරන බවත් මෙම සතුන්ගේ කෑ ගැසීම තම දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට පවා බාධාවක් බව පවසමින් ප්‍රදේශවාසීන් විසින් පැමිණිලි කොට ඇතැයි දැනගන්නට ලැබිණි.
මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් ගම්පහ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක සමන් ජයසිංහ මහතාගෙන් කළ විමසීමේදී ප්‍රකාශ කොට සිටියේ , මැය විසින් අයාලේ යන සුනඛයන් රැගෙන විත් එම සතුන් අනුකම්පාවෙන් ඇති කරන බව පැමිණිල්ල විභාග කළ අවස්ථාවේ නිලධාරිනිය සඳහන් කර සිටියද ප්‍රදේශවාසීන්ට මින් අපහසුතාවක් වී නම් දින 14ක් තුළ සතුන් ඉවත් කිරීමට හෝ සුදුසු ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙසට දැනුම් දී ඇති බවයි.
එය නිවැරදි කර ගැනීමට ඇය කටයුතු නොකළහොත් මහජන පීඩාව යටතේ නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවද ස්ථානාධිපතිවරයා පැවසීය.
- තිලකරත්න දිසානායක -
0 Comments