වරාය කටයුතු අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.


ඒ අනුව, 1979 අංක 51 දරන ශ්‍රී ලංකා වරාය අධිකාරිය පනතෙහි 3 වන වගන්තියෙන් ස්ථාපිත ශ්‍රී
ලංකා වරාය අධිකාරිය විසින් ඊට අදාළව කළ යුතු වන්නා වූ හෝ අවශ්‍යවන්නා වූ කවරවුව ස්වභාවයේ
සියලු ම සේවාවන්, වැඩ හෝ ශ්‍රම දායකත්වය අත්‍යවශ්‍ය සේවාවන් බවත් පත් කර ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා අදාළ
ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.