රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුළු රාජ්‍ය ආයතන හාරසියයක් පමණ තිබෙන අතර ඉන් භාගෙට
භාගයක්ම පවත්වාගෙන යන්නේ කුලී පදනම මත පෞද්ගලික ගොඩනැඟිලිවල බවට රජයේ විගණන කාර්යාලයේ නිලධාරීහු හෙළි කර සිටිති.
මේ සම්බන්ධයෙන් විශේෂ සොයා බැලීමක් මේ වනවිට ආරම්භ කර ඇතැයිද ඔවුහු කියා සිටිති.
ඉකුත් යහපාලන කාලසීමාවේදී කැබිනට් මණ්ඩල අනුමැතියකට අනුව රාජගිරිය ප්‍රදේශයේ කෘෂිකර්ම
අමාත්‍යාංශය පවත්වාගෙන ගිය ගොඩනැඟිල්ලට මසකට රුපියල් දෙකෝටි දසලක්ෂයක මුදලක් කුලී වශයෙන්
ගෙවා තිබිණි.
වත්මන් පාලනය යටතේ එම ගොඩනැඟිල්ලෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය ඉවත් කළත් මසකට ගෙවිය යුතු කුලී
මුදල දිගටම ගෙවා දමන බව විගණන දෙපාර්තමේන්තු නිලධාරීහු හෙළි කර සිටිති.
මෙරට පිහිටි රාජ්‍ය, සංස්ථා, මණ්ඩල හා ව්‍යවස්ථාපිත ආයතන හාරසියයට අමතරව ප්‍රාදේශීය
කාර්යාලද මෙලෙස පෞද්ගලික ගොඩනැඟිලිවල පවත්වාගෙන යමින් කුලිය වශයෙන් රුපියල් කෝටි ගණනින් මුදල්
ගෙවන බවද ඔවුහු පවසති.
මේ පිළිබඳ සවිස්තර වාර්තාවක් සකසා එය ජනාධිපතිවරයා වෙත යොමු කිරීමට විගණන නිලධාරීහු පිරිසක්
කටයුතු ආරම්භ කර ඇත.
ශිරාන් රණසිංහ
0 Comments