පසුගිය මාසයේ මහත් කම්පනයක් ඇති කරමින් රත්ගම ප්‍රදේශයේදී මියගිය ආරණ්‍යවාසී නෙදර්ලන්ත ජිනවංශ භික්ෂුවගේ අභිරහස් මරණය පිළිබඳ විමර්ශනය කරන රජයේ විශ්ලේෂකයන්ට හිමියන්ගේ මළ සිරුර ඉතිරි කළ සාක්ෂි ඔස්සේ අලුත් හෝඩුවාවන් කිහිපයක් ලැබී ඇත. එසේම හිමියන් පරිහරණය කළ දුරකථන සිම්පත් හා මෙමරි කාර්ඩ් ඇසුරින්ද සාක්ෂි කිහිපයක් ලැබී තිබේ.
මළ සිරුර දියේ පාවෙමින් තිබී හමුවන අවස්ථාවේ භික්ෂුවගේ දකුණු කකුලට කම්බියකින් බැඳ ඇති කොන්ක්‍රීට් කුට්ටියක් (අඟල් 10 ක් දිග සහ අඟල් 6 ක් පළල) සොයා ගන්නා ලද නමුත් වම් කකුලේ නයිලෝන් කඹයක් මිස එයට කිසිවක් සම්බන්ධ වී නැති බව නිරීක්ෂණය විය. පරීක්ෂණ කණ්ඩායමේ සැකය වූයේ එකී අසම්බන්ධිත නූලේ තවත් ගලක් ගැටගැසී තිබෙන්නට ඇති බවත් කිසියම් හේතුවකින් එය දියයටදී ලිහීයාම නිසා සිරුර ඉන් මිදී දියමත පාවෙන්නට පටන්ගෙන ඇතැයි අනුමාන කළ හැකි බවත්ය.
ඒ ඔස්සේ පරීක්ෂණ පැවැත්වූ කණ්ඩායම දකුණු කකුලේ ගැටගසා තිබුණ කොන්ක්‍රීට් ගලට සමාන වෙනත් කොන්ක්‍රීට් ගලක් ජලාශයේ අභ්‍යන්තර පතුල තුළ රැඳී ඇතිදැයි කිමිදුම් කරුවන් යොදවා පරීක්ෂා කර තිබේ.
කෙසේ වෙතත් කලපු ගං දෑල විමර්ශනය කරන අතරවාරයේ එක්තරා ස්ථානයක ගොඩබිමෙහි එකී ගලට සමාන තවත් ගලක් හමුවී ඇත.
මෙම ස්ථානය පිළිබඳ සැකයක්ද පවතින අතර එම පෙදෙසෙහි පදිංචි බව කියන හිමියන් හා ගැටලු ඇති කරගත් කොරල්වලට හානි කරන වැලිගොඩ දමන්නන් ගැන මින් ඉහත විමර්ශනයක්ද ඇරඹී තිබිණි.
පොලිසිය පවසන පරිදි, පූජ්‍ය ජිනවංස හිමියන් අවසන් වරට දුටු අයගේ සාක්ෂි හමුවන්නේ දෙසැම්බර් 7 (සඳුදා) උදෑසන කුමාරකන්ද ප්‍රදේශයේදීය. හිමියන් ගමන් කරනු සිල්ලර වෙළඳසැලක සීසීටීවී කැමරාවක පටිගත වී ඇත. අවුරුදු 59 ක් වයසැති භික්ෂුව පීන්ඩපාතයේ ඇවිදීම දර්ශන වලින් දැක්වේ. කැනෝ වර්ගයේ බෝට්ටුවකින් විවිධ ස්ථානවලට දානය ලබා ගැනීම සඳහා ගමට ඇවිද ගිය භික්ෂුව අපවත්වන්නේ ඉන් දිනකට පසුය. හිමියන්ගේ දේහය රත්ගම කළපුවේ තිබියදී ඉකුත් 8වැනිදා සවස සොයා ගැනුණි.
මියගිය බවට සැකකරන
කුටිය පරීක්ෂා කළ පොලිසියට භික්ෂුවගේ කුටියේ සිම් කාඩ්පතක් සහ එස්ඩී කාඩ්පත් 9 ක් කුඩා ජංගම දුරකථනයක් සොයාගන්නට හැකි විය. ඒවා ගැන වැඩිදුර පරීක්ෂා කිරීම් සිදු කිරීමේදී
එම එස්ඩී කාඩ්පත් තුළ ඡායාරූප කිහිපයක් හඳුනාගන්නට ලැබී ඇත. කෙසේ වෙතත්
කුටිය තුළ කිසිදු සීසීටීවී කැමරා නොතිබූ බවද විමර්ශකයින් වාර්තා කර තිබේ. හිමියන් පරිහරණයට ගන්නා කටහඩ පටිගත කරන යන්ත්‍රයක් හා ගුවන් විදුලි යන්ත්‍රයක්ද පොලිසිය භාරයට ගෙන ඇත.
කුටියේ බිත්ති මත මුද්‍රිත වියුක්ත කලා ඡායාරූප සහ ග්‍රැෆික්ස් අලවා ඇති බව නිරීක්ෂණය වී ඇත.
පොලිස් පරීක්ෂකයෝ පොල්ගස්දූව දූපත සහ ඒ අසල පිහිටි පරප්පුදුව දූපත ගැන වැඩිදුර සොයා බලමින් පසුවන අතර ඒ වෙනුවෙන් පොලිස් සුනඛයන්ද උපයෝගී කරගෙන ඇත.
-------
[Send your emails to editor - editor@gossiplankanews.com]
0 Comments