සුප්‍රසිද්ධ චරිතයක අප්‍රසිද්ධ කතා අහගන්න අපි අද ආවේ ලොකේ ඉන්න අති සුන්දරතම කාන්තාවක් ගාවට.. තමත් එහෙම තමයි.. රෝසි සේනානයක මහත්මිය බොහොම ආදරයෙන් පිළිගන්නවා...

බොහොම ස්තුතියි මට අරාධනා කිරීම සම්බන්ධයෙන්..

කලාන්තරයක් පුරාවට ලෝක විවාහක රූ රැජින කිරුළ දරා ගනිමින් ඒ කිරුළට සාඩම්බර අභිමානයක් එකතු කරපු චරිතයක් බවට පත් වුනා. අපි කුඩා කලේ ඉඳන් ඔබව හඳුනා ගත්තේ එ වගේ.. ඊළට කොළඹ අග නුවර ප්‍රථම පුරපතිනිය විදියට මේ වෙද්දී සමාජයේ අකාර්ශනය පත්‍ර වෙලා තියෙනවා. හැබැයි ඒ ඔබ ගැන දන්නා කරණා.. තවත් නොදන්නා රසවත් සුන්දර කාරණා කොච්චර ඇත්ද?අපි ඒවා පටන් ගන්න අක්කාගේ ළමා කාලේට යමු...අක්කාගේ ගෙවල් දොරවල් කොහෙද?

අපි ඇත්තටම කියනවා නම් කොළඹ.හැබැයි මගේ පියා ගංගා නිම්න සංවර්ධන මණ්ඩලයට සේවය කර නිසා අපි පිට පළාත්වල මගේ පියා සේවය කරා... ඉතිං මම අම්පාරේ තමයි මුලින්ම ඉස්කොලේ ගියේ.. අම්පාරේ තමයි මම මොන්ටිසොරි ගියෙත්... අම්පාරේ  බණ්ඩාරනායක විද්‍යාලයට තමයි මම ගියේ.. ඊටපස්සේ ඇඹිලිපිටියේ.. ඊටපස්සේ රත්නපුර ferguson උසස් බාලිකා විද්‍යාලය..


පාසල් අධ්‍යාපනය අවසන් කරේ රත්නපුරින්ද?
රත්නපුරින් එත් එක්කම මම අවුරුදු 17 දී 18ට වෙන්න කලින් මම එංගලන්තයට ගියා.. එහිදී මම උසස් අධ්‍යාපනය හැදෑරුවා..


එ මොනවයින්ද අක්කේ?
business management

අක්කාගේ පවුලේ කවුද හිටියේ?
 මට අයියයි මල්ලියි, නංගිලා තුන්දෙනකුයි හිටියා..

එ අය අද මොනවද කරන්නේ ? කොහෙද ඉන්නේ?
 අයියා ඉන්නේ ඕස්ට්‍රේලියාවේ.. මල්ලි යුධ හමුදාවේ ඉඳලා විශ්‍රාම ගිහිල්ලා ඉන්නේ..එක නංගී කෙනෙක් ඉන්නේ මැද පෙරදිග. අනිත් නංගි මෙහේ. මගේ පස්වැනියා නංගි අපිට නැති වුනා.

ළගා කාලේ කරපු දග වැඩත් එක්ක ගුටි කාපු එක හේතුවක් මතක නැද්ද?
මම එච්චර ගුටි කාලා නැ...හැබැයි අයියලා මල්ලිලා එහෙම නම් ගුටි කාලා තියෙනවා.. මම හිතන්නේ නැ මම ගුටි කාලා තියෙනවා කියලා..


සේනානායක නාමය ලැබෙන්නේ විවාහ වුනාට පස්සේනේ..මුල් නම කොහොමද එන්නේ?
බර්නඩින් රෝස්  රාමනායක.. මම ඇත්ටම රෝසිත් නෙමේ. මගේ උප්පන්නේ තියෙන්නෙත් රොස් කියලා.. නමුත් මම හිතන්නේ පුංචි කාලේ ඉඳලාම රෝස පාට නිසා වෙන්න ඇති ඔක්කොමලා රෝසි කියන්න පටන් ගත්තේ.

මම හිතන්නේ නම දාලා තියෙන්නෙත් එ නිසාද දන්නේ නැ?
එක නම් මම දන්නේ නැ..(සීනාසි)

ඉස්කොලේ මොනවාටද අක්කා වැඩිපුරම කැපී පෙනුනේ? වැඩියෙන්ම කැමති වුනේ?
මම හිතන්නේ ඉගෙනීමටත් මම එක හා සමානව කැපී පෙනුනා.. ඒ වගේම ක්‍රීඩාවටත් එක හා සමානව කැපී පෙනුනා.. දැල් පන්දු ගැහුවා. මලල ක්‍රීඩා වලට සම්බන්ධ වුනා.. බලදක්ෂ එ වගේ දේවල් වලටත් සම්බන්ධ වුනා.. එ වගේම තමයි දඟ වැඩත් කරා ඉස්කොලේ.. ඉස්කොලේ ගටි කාලාත් තියෙනවා..


ඊටපස්සේ අක්කා විවාහ වෙන්නේ මොන අවුරුද්දේද?
81 දී

කොහොමද අයියව හම්බ වෙන්නේ?
එංගලන්තයේදී තමයි හම්බ වුනේ.. එක හරි සුන්දර හමුවීමක්. මම සේවය කරපු ස්ථානයේ මට මුලින්ම එයාව මුණ ගැහුණේ.. මම ලංකත්වයේ ප්‍රචාර මණ්ඩලයට සේවය කරමින් හිටියේ.. ඉතිං අතුල අයියගේ අයියා sri lanka shipping corporation එකේ.. එ වෙද්දී ලංකාවෙන් Manager කෙනෙක් විදියට ගිහිල්ලා.. ඔහුගේ මාර්ගයෙන් තමයි මුණ ගැහුනට පවුල් දෙක ඇතුළේ ලොකු සම්බන්ධතාවයක් තිබ්බා. මගේ මහප්පයි අතුලගේ තාත්තයි හොඳම යාළුවෝ.මගේ මහප්ප යුධ හමුදාවට බැඳුණා. අතුලගේ තාත්තා පොලිසීයට බැඳුණා.. අතුලගේ තාත්තා පොලිස්පති වුනා.. ගේ මහප්පා
Brigadier ‍වෙලා  Brigadier රාමනායක කියන්නේ සිංහල රේජිමෙන්තුව පටන් ගත්තේ මගේ මහප්පා..


පහුගිය කාලය තුළ අපිට ආරංචි වෙනවා ඔබතුමියගේ ආදරණීය සැමියා හදිසියේ වියෝ වෙනවා.. මොකද්ද එකට හේතුව?
අතුල අපි මැතිවරණය ඉවරවෙලා දවස් දෙකකට පස්සේ මට අතුලව නැති වුනේ. පැය 12ක් ඇත්ළත ඔහුට රෝගාතුර වෙලා පැය 12ක් ඇතුළත අලෙන් වෙන් නුව එක ගැන මටත් අදටත් හිතාගන්න බැරඑි කියාගන්න බැරි දෙයක්. අවුරුදු 64ක් කියන්නේ මට නම් ඉතාම ලාබලයි.. හොඳට හිටිය මනුස්සයෙක්.. මටත් දරුවන්ටත් එක දරනන් බැරි දෙයක්. මොකද බොහො දෙනෙක් අතුල මට කොච්චර හයියක් ද ශක්තියක් ද කියන එක දන්නේ නැ... මට චන්ඩියෙක් වගේ දේශපාලනය කරන්න පුළුවන් ඒ වරම ලබා දෙන්න ඒ ශක්තිය ලබා දෙන්නේ කවුරුත් නෙමෙයි මගේ ස්වාමිපුරුෂයා.. විවිධ ප්‍රශ්න ගැටළු එනකොට මම කෙලින්ම දුවන්නේ අතුල ගාවට... අතුල ගොඩක් බුද්ධිමත්.. මගේ විවේචකයා බවට හැමදාම පත්වෙලා හිටියේ අතුල.එක කාලයක් තිබ්බා මම වේදිකාවට නැගලා කතාවක්  කරන්න මට අපහසුයි අතුල ඒ වේදිකාවේ ඉන්නවා නම්... අතුලට මම හැමතිස්සේම කියනවා අපි  දෙන්නට තැනකට ආරාධනා කරාලා මම ප්‍රධාන අමුත්තා නම් මට කතාවක් කරන්න තියෙනවා නම් අතුල දන්නවා මම කතාවක් පවත්වනවා නම් එයා නැගිටලා යනවා එතනින්.. මම දේශපාලන කරළියට එද්දී මගේ පිටිපස්සේ ඉඳලා හයියක් වුනාට ඔහුට ප්‍රසිද්ධියක් වත් එහෙම එකක් එයාට ඕන වුනේ නෑ.. නමුත් දැන් මට ඒ අඩුව තදබලව තේරේනවා...



කොහොමද දැන් අක්කා ඒ අශිර්වාදය හිතට අරගන්නේ?
මම දන්නවා ඉන්න තැනක ඉඳගෙන එයා මවත් දරුවන් දිහාත් බලාගෙන ඉන්වා කියලා. මම හිතනවා අපිව ආරදක්ෂා කරනවා කියලා එයා. ගොඩක් වෙලාවට ගෙදර නිකන් හිටියොත් දුකට පත් වෙනවා කනස්සල්ලට පත්වෙලා ඔහුව මතක් වෙලා ගෙදර ආවට පස්සේ හැමතිස්සේම මතක් වෙනවා.. හැමදාම මට දිනපතාම මට ඔහුව මතක් වෙනවා.. හවසට ගෙදර ඇවිල්ලා මම ඔක්කොම ඉවර උනාට පස්සේ මම කරන්නේ අපි පළවෙනි කොවිඩ් රැල්ල වෙලොවේ අපිට ගොඩක් කාලය තිබ්බා දරුවොත් එක්ක ඒ මාස 3නේ එකට ගත කරන්න.. මට දේශපාලන වැඩ තිබ්බෙත් නැ ඒ කාලේ..මම බඩු මලු බෙදන්න ගිහිල්ලා ජනතාව ගැන හොයලා බලුවා මිසක් වෙන කෙහෙවත් යන්න තිබුනේ නැ.. ඉතිං අපි ගොඩක් එකට කාලය ගත කරා.. ඒ ගත කරපු හැම කාලයම දරුවොත් එක්ක සෙල්ලම් කරා.. ගේම්ස් ගැහුවා.. තාත්තාලා දුවලා තරහා වෙලා රන්ඩු වෙනවා දිනුම ගන්න. ඉතිං මම ඕවා පැත්තක ඉඳගෙන Video කරා.. Video කරන හැම අවස්ථාවකදීම පොඩි දුව කියනවා ඕක නවත්තන කියලා කියනවා... නමුත් අද මම සතුටුයි මම ඒවා video කරපු එක ගැන..

රැට මම ගොඩක් වෙලාවට ඒවා දාලා ඔහුගේ කටහඬ ඇහෙනවා.. මම අපි පරන උත්සව වලදී video කරපුවා එහෙම බල බල යම් කිසි විදියකින් සෑහීමකට පත්වෙනවා...එක දෙයක් ගැන මට සතුටු වෙන්න පුළුවන් අතුල හොඳ ජිවිතයක් ගත කරා..



තාත්තා කෙනෙක් විදියට?
තාත්තා කෙනෙක් විදියටත් ඔහු හොඳ තාත්තා කෙනෙක්.. පොඩි දුවට එහෙම හරි අමාරුයි.

ලොකු වෙන්න ලොකු වෙන්න තාත්තලාගේ අවශ්‍යතාවය දුවලාට දැනෙනවා?
ඕව්.. දුවලා අම්මලාට වැඩිය තාත්තලාට කිට්ටුයි අම්මලා කොච්චර මොනවා කරත්..ඔහු හොඳ පියෙක්. හොඳ ස්වාමිපුරුෂයෙක්..



අක්කාගේ දරුවෝ කීදෙනෙක්ද?
තුන්දෙනෙක්.. ලොකු පුතා කනිෂ්ක. දුවලා දේන්නා තිසක්‍යා සහ රද්‍යා.තිසක්‍යා විවාහ වෙලා ඉන්නේ. තිසක්‍යා designing කරන්නේ..එයා වෙනමම ව්‍යාපාරයක් කරනවා ඒ සම්බන්ධයෙන්... රද්‍යා තාත්තාගේ ව්‍යාපාරයේ කටයුතු කරනවා..


අක්කලාගේ මොනවාද අදායම් මාර්ග බවට පත්වෙන්නේ?
මගේ ස්වාමිපුරුෂයට ව්‍යාපාරයක් තියෙනවා.. ඔහුගේ ව්‍යාපාරයේ තමයි දැන් පුතයි දුවයි කරගෙන යනවා... ව්‍යාපාරත් එක්කම අපිට වතුපිටි දේපලත් තියෙනවා. ඉතිං අපි එවයින් තමයි ජිවත් වෙන්නේ...


සැමියාගේ පවුලේ උදවියත් මේ ලංකාවේ පාසල් අධ්‍යාපනය නංවන්න , දානපතිත්වයක් දෙන්න කටයුතු කරපු පිරිස්. මොකද්ද ඒ කතාව?
අතුලගේ අම්මා පී.ඩී.එස් කුලරත්නගේ එකම දියණිය..   පී.ඩී.එස් කුලරත්න ඔක්සෆර්ඩ් විශ්ව විද්‍යාලයෙන් උපාධිය ලබලා ලංකාවට එනවා අනන්ද විදයාලයේ විදුහල්පති බවට පත්වෙලා.. අවුරුදු 24දී ඔහු විදුහල්පති වෙනවා.. වුරුදු 25ක් අනන්ද විද්‍යාලය ගොඩගන්න අනන්ද  විද්‍යාලයට එනටෙ මම හිතන්නේ  ශිෂ්‍යොයෝ 400කට වැඩිය හිටියේ නැහැ.. වසරක් වැනි කෙටි කාලයක් ඇතුළත එක දාහක් බවට පත් වුනා.. ඊටපස්සේ 2000,3000 බවට පත්වුනා.. ඊටපස්සේ ජනප්‍රිය බෞද්ධ පාසලක් බවට පත්වුනා.. එකේ ඉංග්‍රීසි උගන්වන්න ආපු  ඉංග්‍රීසි කාන්තාව  Cambridge විශ්ව විද්‍යාලයේ ඉංග්‍රීසි කාන්තාවක් තමයි හිල් ද වෙස්ටෘ කියන්නේ. ඉතිං හිල් ද වෙස්ටෘයි පී.ඩී.එස් කුලරත්නයි විවාහ වුනා..නාලන්දාව බිහි කරෙත්   පී.ඩී.එස් කුලරත්න. අනන්ද බාලිකාව බිහි කරේ හිල්ල කුලරත්න.. මාලියදේව, මහාමායා ,හොරණ ශ්‍රිපාලි ,මොරටුවේ මහා විද්‍යාලය මේ වගේ ඒ දෙදෙනාගේ අතරේ මම හිතන්නේ පාසල් ගණනාවක් බිහිකරපු පරාම්පරාවකින් තමයි  අතුල එන්නේ..


අක්කා ලෝක රූ රැජින තරඟයට සුදුදුකම් ලබනවා මිස් ශ්‍රි ලංකා යටතේ.. ඒ මොන අවුරුද්දේද?

ඒ 80 වේ.. එතකොටත් මම එංගලන්තයේ හිටියේ.. මම නිවාඩුවකට මාසෙකට ලංකාවට ආවා.. ඒ ආපු අවස්තාවේ තමයි එකට මට ඉදිරිපත් වෙන්න කියලා මගේ යළුවෝ කිව්වේ.. ඒ යළුවන්ගෙන් විශාල බලපෑමක් තිබ්බා.. ආවාට ගියාට වගේ තමයි මම එකට ඉදිරිපත් වුණේ.. හැබැයි ඉතිං ජයග්‍රාහණය කරා.. ජයග්‍රාහණය කරලා ආපහු එංගලන්තයට ගියා..

ඔය දුඹුරු ඇස් කොහෙන්ද හම්බ වුනේ?
මම හිතන්නේ මේක මගේ අම්මාගේ පැත්තෙන් එන්නේ.මගේ තාත්තාගේ පැත්තෙත් රාමනායක පවුලෙත් ගොඩක් දෙනකුට ලස්සන ලා දුඹුරු ඇස් තිබ්බේ..


Mrs. World තරගයට අක්කා සහභාගී වීම ශ්‍රි ලංකාව කියන රට බබලවන්නට හේතුවක් බවට පත්වෙනවා.. ඉන් අනතුරුව රෝසි සේනානයක කියන දැවැන්ත චරිතයක් බිහි වෙන්න හේතුවක් බවට පත්වෙනවා... දැන් මේ  Mrs. World තරගයට අදාළව  අක්කාට තියෙන  අමතක නොවෙන සිදුවීම් මොනවද?

මම හිතන්නේ මම තරඟය දිනනකොට මම විශ්මයට පත්වුනා.. ම හිතුවේ නැ මම පහට එයි කියලා.. පළවෙනි වටයට ආවමත් මම සැහීමකට පත්වුනා. දෙවැනි වටයටත් ආවාම මම සෑහීමකට පත්වුනා. දෙවැනි වටෙන් තුන්වැනි පස් දෙනාට එනකොට මමම  පුදුම වුණා මම එතැනට ආපු එක ගැන. එක එකක්.. අමතක නොවෙන සිදුවීම් ගණනාවක්ම තියෙනවා.. සමාන්‍යයෙන් pre judging එක තියෙන්නේ main pajeant කට දවස් දෙකකට කලින්.. දැන් මට interview එකට අඳින්න ඒ කාලේ Odel වගේ ලොකු සාප්පු සංකීර්ණ තිබ්බේ නැ. අපි tailor කෙනෙක්ට හරි designer කෙනෙක්ට හරි කියලා තමයි ඇඳුම් මස්සගෙන ගියේ.

මම එකට  tailor කෙනෙක් ලව්වා මස්ස ගත්තා සුට් එකක් අඳින්න කියලා.. දැන් සති තුනක් ඔය pajeant  එකේ අනිත් තරඟකාරියොත් එක්ක  සැරිසරනකොට මට හිතුනා මම හරියටම දුප්පත්  රටකින් ආපු දුප්පත් කාන්තාව කියලා.. මොකද අනිත් හැමෝම එන්නේ ගොඩක් තරඟේට සූදානම් වෙලා. මම තනියම තමයි ගියේත්.. දුර ගමනක්... පැය 33ක් යනවා එ කාලේ ඇමරිකාවට යන්න..  අදටත් පැය 24කට වැඩිය යනවා... වට රවුමක්  ගිහිල්ලා කෙහොමහරි හාවායි ගියා පැය 33කට පස්සේ...


විවාහ වෙලා කොච්චර කල්ද එතකොට?
එතකොට අවුරුදු 2ක් 3ක් විතර ඇති. පුතාට එතකොට මාස නමයයි.. එතනදීත් අතුල ගොඩක් ශක්තියක් වුනා.. එතන්ට ගියාට පස්සේ දැන් මම මගේ roomde මිසිස් ජර්මනි.. එයා Modle කෙනෙක්.. එයාට ලස්සන ඩිසයිනර් සූට් එහෙම තිබ්බා... ඒවා දැක්කාම මම හිතුවා මගේ සූට් එක ඇඳගෙන ගියොත් අනිවරෙයෙන්ම මාව එච්චර කැපිලා පෙන්නේ නැ කියලා. මම සාරි ඇඳලා interview එකට ගියා.. ගිහිල්ලා මම ඉතිං ඒ interview එකේදී දෙනවා විනාඩ් 4ක් තමාට කැමති දේ කියන්න.. judges ලා මුකුත් අහන්නේ නැ... ගිහිල්ලා මම මාවම හඳුන්වලා දීලා වාඩි වෙන්නද අහලා මම මොනවා කිව්වද කියලා දැන් මට මතක නැ.. අපි කියන දේ අනුව එගොල්ලොනුත් හරස් ප්‍රශ්න අහනවා.. මට විනාඩි විනාඩි 20ක් 25ක්  විතර interview එක තිබ්බා... පස්සේ මම දින්නට පස්සේ මම පවුලේ සමාජිකයෙක් බවට පත් වුනානේ Mrs world organization එකේ.. එතනදී මම දැනගත්තා මම හැම පාරකදීම Top the list  කියලා... ඒ තරමට සාරිය ඇත්තට එකේ තියෙන අලංකාරත්වය මට තේරුම් ගියා අන්න එතනදී..



අක්කා miss sri lanka  බවට පත්වෙනවා Mrs sri lanka බවට පත්වෙනවා  Mrs world බවට පත්වෙනවා... එ කියන්නේ මේ සියලු දේවල් හරහා ඕනම කෙනෙකුට මැවෙන චරිත ස්වභාවයක් තියෙනවා.. බටහරි පන්නය.. හැබැයි ඒ බටහරි පන්නයේ චරිත ස්වභාවයෙන් හාත්පසින්ම වෙනස් ප්‍රතිරූපයක් තමයි අක්කට මැවිලා තියෙන්නේ සමාජය තුළ.. දකින්නේම සාරිය හේ සම්පුර්ණයෙන්ම  වැසෙන ඇඳුම් වලින් සමාජයට එද්දී සමාජයත් එක්ක ගණුදෙනු කරද්දී  එ කියන්නේ වගකීමක් දැරිය යුතු හැම තැනකදීම කොහොමද එක සිද්ධ වෙන්නේ?
මම හිතන විදියට නම් කාන්තාවෝ ගොඩක්ම ලස්සනයි චාම්වට තමාගේ තියෙන අනිතුක් ගුණාංග තමාගේ තියෙන ශක්තිය ,බුද්ධිය,  සමාජයට කරන්න පුළුවන් දේ විදහා දක්වනවා මිසක් තමාගේ හදවත ජනතාවට පෙන්නුම් කරනවා මිසක් ඇගපත පෙන්නුම් කරන එක නෙමෙයි. එක තමයි මගේ සංකල්පය.. වෙන අය හිතන විදියට වෙනස් වෙන්න පුළුවන්.. කොට ගවුමක් ඇන්දා කියලා මම ඒ කෙනාව විවේචනය කරන්නේ නැ.. මගේ දරුවොත් කැමති කොටට අඳින්න මුහුදට යනකොට හරි එවගේ තැන්වලට යද්දී.. එක එයලාගේ කැමැත්ත. නමුත් මම හිතනවා කාන්තාවක් ගොඩක් ලස්සනයි කියලා සාරියකට,ඔසරිය අතිශයින්ම කාන්තාව තව ලස්සන කරන ඇඳුමක් විදියට මම දකිනවා..


විවාහක රූ රැජින හැටියට ලංකාවට ආවට පස්සේ අක්කා බලාපොරොත්තු වුන ප්‍රතිචාරයද ලංකාවෙන් ලැබුනේ?

මම හිතන්නේ මම බලාපොරොත්තු වුනාට වැඩිය මම බලාපොරොත්තු නොවුන නොසිතු විදියට මට ප්‍රතිචාර ලැබුනා.. මොකද ප්‍රථම වතාවට ලංකාවට miss world දිනලා ආවම මට ජනාධිපතිතුමා ජේ.ආර්.ජයවර්ධන මැතිතුමයි ආර්යාවයි මට වෙනම තේ පැන සංග්‍රාහයක් පවත්වලා මට විශාල ගෞරවයක් ලබා දුන්නා.. ඊට දවස් දෙකට පස්සේ අගමැතිතුමාත් රණසිංහ ප්‍රේමදාස මැතිතුමත් ආර්යවත් මට තේ පැන් සංග්‍රායක් පවත්වලා ගෞරවයක් ලබා දුන්නා. එතනදී හදගත්ත ඒ මුණ ගැහීම තුළින් හදාගත්ත දැන හැදිනකම් තුලින් අදටත් මම ප්‍රේමදාස අර්යාවගේ ඉතාමත් කිට්ටු පවුලට අතිශයින්ම කිට්ටු පුද්ගලයෙක් බවට පත්වෙලා තියෙනවා.. ඒ විතරක් නෙමේ මාව මාධ්‍ය පිළිගත්ත විදියජනතාව පිළිගත්ත විදිය ලංකාවේ ප්‍රථම වතාවට විශාල දැවැන්ත ජත්‍යන්තර තරඟයක් දින්න මොහොතක්.. එදා ඒ ලැබුන ප්‍රතිචාරය අදටත් තියෙනවා.. අදටත් මම මේචච්ර දේශපාලනය අවුරුදු 30කට වැඩිය කරලා වේදිකාවට නැග්ගම ලෝක විවාහක රූ රැජින කියනවා..


රෝසි සේනානයක කියන ගෘහණිය මොන වගේ කෙනෙක්ද? උයන්න පිහන්න එහෙම දක්ෂද?
 උයන්න පිහන්න මම දක්ෂයි හැබැයි උයන්නේ පිහන්නේ නම් නැ.. වේලාවක් නැති නිසා. නමුත් මට උයන්න පුළුවන්.. එක ගොඩ දෙනෙක් දන්නේ නැ.

මොනවද හොඳට උයන්න පුළුවන්?
මට හොඳට කේක් වර්ග බේක් කරන්න පුළුවන්.. ඒ වගේම ව්‍යාංජන උයන්නත් පුළුවන්.. පොලොස් , පරිප්පුවක් උයන්නත් පුළුවන්. ගොඩක් වේලාවට මම මගේ කෝකියන්ට මමයි කියන්නේ මෙහෙම හදන්න මෙහෙම තමයි මහත්තයා කැමති කියලා. දැන් අතුල වැඩියෙන්ම කැමති තලන බටු එහෙම කන්න. තලන බටු එක හින්දලා එකට දාන තුනපහේ ඉඳන් ඔක්කොම ගාන ප්‍රමාණය එහෙම කියන්නේ මම. එදා දවසේ වේල් තුන මොනවද කන්නේ නැත්තේ මොනවද කියලා දරුවන්ට එහෙම ලැස්ති කරලා දෙන සේරම කරනවා. ඒ වගකීම මට තියෙනවා.. හවසට අතුලගේ කවුරුහරි එනවා නමස් නැත්තම් මගේ කවුරුහරි එනවානම් ඒ අයට අවශ්‍ය ඒ හැදදේම කරන්න ගෙදර පිළිවෙළකට තියාගන්න ඒ වගකීම අනිවාර්යෙන්ම තියෙනවා..හැබැයි සමහරු හිතාගෙන ඉන්නේ පුර්ණ රාජකාරිය විය යුත්තේ මේකම විතරයි කියන එකත ඒත් ගෙදර දේවල් වලින් අපිට මිදෙන්න බැ. දැන් මම මිත්තණියක්.ඉතිං මම ආච්චි කෙනෙක් විදියට මට එක මිණිබියයි තාම ඉන්නේ. මාස 3ක් වෙනවා එයාට 28 වෙනිදාට.නමුත් මම යන්නේ නැ මිණිබිරිය ළඟට මේ දවස් වල.


මිණිබිරිය ඉපදෙනකොටත් ඉස්පිරිතාලේ හිටියේ..ඉඳලා හිලා අවොත් මම ළගට යන්නේ නැ දුරස්ථබාවයෙන් ඉන්නවා....මාස්ක් එකක් දාගෙන එහෙම..


එක වේලවකට අපි ආදරේ කරන කාන්තාව මිත්තණියක් කියලා හිතන්නත් අමාරඑුයි රූපේ දැක්කාම...

මේක තමයි අතුල අයියා බලාගෙනම හිටපු දේ..මුණුබුරෙක් හරි මිණිබිරියක් හරි ලැබෙනවට.හැබැයි ඒ වෙද්දී එයා නැති වෙලා සති දෙකකට පස්සේ තමයි මිණිබිරිය ආවේ...හරි අසාවෙන් හිටියා මිණිබිරියව දකින්න..එ වෙලාවට හිතෙනවා ජිවිතේ කියන්නේ මොකද්ද ,ජිවිතේ අරමුණ විය යුත්තේ  අනිවාර්යෙන්ම අනිත් අයට සේවය කිරීම.



ඇත්තටම ඇයි දේශපාලනය තෝරගත්තේ? බලයට තියෙන ආසාවවත් නෙමෙයිද?
බලය කියන්නේ මොකද්ද? මට දේශපාලනයට ආවත් නැතත් මට යම්කිසි බලයක් ජනතාව අතරේ තිබ්බා.මට ප්‍රසිද්ධිය ,මම කරපු සේවාවන් වල හැටියට හෝ බලයක් තිබ්බා කිව්වා නම්.දැන් සමරවිට මගේ කතාව අහලා කෙනෙක් දිරි ගැන්වෙන්න පුළුවන්.. රෝසිට පුළුවන් නම් මටත් පුළුවන් කියලා. මගේ ස්වාමිපුරුෂයා මට උදව් කරපු විදියට තව ස්වාමිපුරුෂයෙක් මේක අහගෙන ඉන්නවා නම් හිතන්න පුළුවන් මමත් මගේ භාර්යාවට උදව් කරන්න ඕන. රෝසි අද මේ තත්වයට ඇවිත් තියෙන්නේ එයාගේ ස්වාමිපුරුෂයා නිසා. එක තමයි මට තියෙන බලය. මම එක තමයි මේ පාවිච්චි කරන්නේ. මගෙන් අතුල අයියාම ඇවිත් අහලා තියෙනවා ඔයාට මේ Job එක කරන්නම ඕනද කියලා.එහෙම අහපු අවස්ථා තයෛනවා. එයා හොඳ ගැහැණියක්. ඔයාට මේක ඔනේ නැ කියලා කියන වේලාවට මට තරහත් යනවා.මටත් එහෙම හිතෙනවා එත් මම එක පෙන්නන්නේ නැ.


කාර්යබාහුල ජිවිතේ අතරේ අක්කට විනෝදංශයක් විදියට අසාවෙන් කරන්න තිනෙ දේවල් සහ කරන්න කැමති දේවල් මොනවද?
විනෝදංශයක් විදියට මම නම් දකින්නේ මම සංචාරය කරන්න හරි ආසයි. ඒ අරෙන්න මම හිතන්නේ මගේ විනෝදංශය මගේ රැකියාවයි.


ලස්සනට කතා කරන්න පුළුවන් අක්කාට. සිංහලත් කතා කරන්න පුළුවන්. ඉංග්‍රිසි කතා කරන්නත් පුළුවන්. පිරිස ඉදිරියේ කතා කරන්න පුරුදු වුනේ කොහොමද?
ඒක මට දෙවියන් වහන්සේ දුන්න තෑග්ගක් වෙන්න ඇති.


කට්ටියක් ඉසස්රහට ගිහිල්ලා මුලින්ම කතා කරන්න සිද්ධ වුන අවස්ථාවලදී බයවෙලා සිද්ධ වෙච්ච දේවල් තියෙනවද?

මම කිව්වේ මම බය වෙන්නේ අතුල අයියා වේදිකාවේ ඉන්නවා නම් තමයි.

ඒ කියන්නේ රාජ්‍ය නායකයෝ හිටියත් කමක් නැ?
බය වුන අවස්ථා නම් තියෙනවා.. පාර්ලිමේන්තුවෙත් නැගිට්ටාම කතා කරන්න අනිත් පැත්තෙන් නෑ ගහනකොට එහෙම බය හිතෙනවා. එත් මට ඒ ශක්තිය එනවා කෙහොමහරි..එක ඉබේම එනවා.සමහර වේලාවට කතාවක් පවත්වලා මම බැහැලා එද්දී මම කල්පනා කරනවා මම නේ මේ කතාව කලේ කියලා. මම බය නැත්තේ කතා කරන්න යම්කිසි විෂයක් හදාරලා තමයි තැනකට ගිහින් කතා කරන්නේ..


මීට අවුරුදු 10කට 12කට කලින් රූපවාහිනී නිවේදිකාවක් විදියට උදෑසන වැඩසටහනක් හරිම ලස්සනට මෙහෙයුවා. කොහොමද ඒ පන්නරය හමුබ වුනේ? සිංහල වචනම විතරක් කතා කරා ඔබ එහිදී.

ඒ මට එතනදී ඕන වුනා ආදර්ශයක් දෙන්න. මම දැක්කා එක රටාවකට යන ශෛලියක් තිබ්බා ඒ අවස්ථාවේ. හැමෝම හිතුවා එක විලාසිතාවක් විදියට. ඒ හින්දා මට ඕන වුනා එක ආදර්ශයක් කරගන්න. මම දෙවියන් වහන්සේ අදහන කාන්තාවක්. බොහෝ දෙනෙක් මාව රූ රැජිනක් විදියට දැනගෙන හිටියට රෝසි සේනානයක කියන චරිතේ දැනගෙන හිටියට මගේ හැකියාව දැනගෙන හිටියේ නැ.ගොඩ දෙනෙක් මාව අඳුරගත්තේ ඒ දෛනික වැඩසටහන තුළින්. ඒ ජිවිතේට ඉඩ දෙන්න..අලුත් ආදර්ශයක් ජනමාධ්‍යටත්. ඉතිං මම ඒ ජනමාධ්‍ය වේදිකාව හසුරව ගත්තා. එක අලුත්ම වැඩසටහනක් බවට පත් වුනා.



miss world තරඟයට ගිහිල්ලා උඩරට නැටුම් කරපු සහ ලංකාවේ නිවේදන කලාවට පරමාදර්හි නිවේදන කලාවක් හඳුන්වා දීපු  සහ මෙරට දේශපාලනය තුළ චරිතවත් දේශපාලනයක් කරන්න පුළුවන් කියලා පාර පෙන්නපු ඔබ තව මොනවාටද දක්ෂ?
මම රංගනයත් ටිකක් කරා. ඒවා සාර්ථක වුනාද නැද්ද ියන එක ප්‍රේක්ෂකයෝ තමයි දන්නේ මම  විශ්වාස කරනවා මගේ කැපවීම තියෙන්නේ ජනතාව වෙනුවෙන් සේවයක් කරන්න.


වේදිකාවේ එහෙමත් නැත්තම් කැමරාව ඉිදිරියේ ඇති තරම් කතා කරලා තියෙන ඔබ කැමරාවක් ඉස්සරහ ගීයක් ගයලා නැද්ද?
ඒක තමයි මට කරන්න බැරි වැඩේ. මම උත්සහා කරලා තියෙනවා. හැම ඉරිදාම පල්ලියෙදී මම ගීත ගායනා කරනවා. ගීතිකා ගායනා කරනා. යළුවෝ ඉස්සරහ පොඩි ට්‍රිප් එකක් සාදයක් වගේ තිබ්බොත් ගීතයක් එහෙම කියනවා. හැබැයි කැමරාවක් ඉස්සරහා නම් කියන්නේ නැ. මම එක අත්හදසා බලලා නැහැ.


දැන් කොළඹ පුරපතිනිය අද ඔබ.මීට කලින් ඇමතිවරියක් විදියට , මන්ත්‍රීවරියක් විදියට ,විපක්ෂ නායිකාවක් විදියට විවිධ තනතුරු හොබවලා තියෙනවා. අනාගත ඉලක්කය මොකද්ද?
මට ඊළඟ සැරේටත් කොළඹ පුරපතිනිය විය යුතුයි. හේතුව බොහෝ දේවල් මම කරා මගේ මේ කාල පරාසය තුළදී. නමුත් කරන්න තව ගොඩක් දේවල් තියෙනවා.. අපි කරන්න බලාපොරොතුතුවෙන් හිටිය බොහො දේවල් මම 2018 මාර්තු මාසේ පුැපතිනිය විදියට දිවුරුම් දුන්නේ. 2018 ඔක්තෝම්බර් වෙද්දී constitutional crisis එක ආවා. වත්මන් අගමැතිවත් අපහසුතාවට පත් කරමින් හිටපු ජනාධිපතිතුමා ව්‍යවස්ථාවට පටහැනි දෙයක් කරලා අපි මාස 3ක්ම එ මත්තේ උදේ හවස වෙහෙසෙුනා. ඊටපස්සේ 2019 ඔක්කොම පටන් ගන්නවා ,ගෙවල් හදලා දෙන එ්වයි එක්කොම පටන් ගන්න හිටියේ.. එතතොට පාස්කු ප්‍රහාරය ආවා අප්‍රේල් මාසේ. එකත් එක්කම ජනාධිපති මැතිවරණයක් ආවා. ජනාධිපති මැතිවරණය ඉවර වුන ගමන් අපි බලෙන් එළියට ගියා. ඊටපස්සේ ඔන්න 20/20 පටන් ගන්නවා කියලා කොවිඩ් ආවා මාර්තු මාසේදී. මහා මැතිවරණයක් ආවා. මහා මැතිවරණයෙන් පස්සේ ආයිත් කොවිඩ් ආවා.. හැබැයි මම ගොඩක් දේවල් කරලා තියෙනවා මේ වෙද්දී. ඒ කරපු ව්‍යාපෘති හේතු කරගෙන doing Business with is  කියන world bank index එකේ අපි හිටපු තැන ඉඳලා ඉහළ තැනකට ගියා කොළඹ නගර සභාවේ ක්‍රියාකලාපය නිසා. මේ වගේ ව්‍යාපෘති ගණනවක් කරා. හැබැයි කරලා ඉවර කරන්න තව බොහෝ දේවල් තියෙනවා. එක නිසා මම නැවත වාරටයක්  ඒ කියන්නේ බොහෝ දෙනෙක් අහනවා ජාතික දේශපාලනයට එන්නේ නැද්ද කියලා. මම ජාතික දේශපාලනයට වැඩිය මට හිතෙනවා මට යමක් කරලා ඔප්පු කරලා කරන්න පුළුවන් තැනක් කියලා කොළඹ නගර සභාවේ. ඒවා ඉදිරියේදී කරන්න ලැබෙයි කියලා විශ්වාස කරනවා.


සුප්‍රසිද්ධ චරිතයක අප්‍රසිද්ධ කතා ගොඩක්  අහගන්න අද අපි ආවේ.. කොළඹ නාගරධිපතිනිය ,පුරපතිනිය රෝසි සේනානායක මහත්මිය මුණ ගැසෙන්නට. ඉදිරි සියලු කටයුතු වලට සුභ පතනවා... 


-සාකච්ඡාව- හරින්ද්‍ර ජයලාල්