
ලන්ඩන් නුවර රෝහලක සේවයේ නියුතු ශ්‍රීලාංකික වෛද්‍යවරයකු කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් පෙරේදා (17) දින ජීවිතක්ෂයට පත්වූයේය.
මෙසේ මියගොස් ඇත්තේ නාත්තන්ඩිය වැලිපැනගහමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි උපුල් නිශාන්ත දිසානායක නමැති වෛද්‍යවරයෙකි. වෙන්නප්පුව ජෝශප් වාස් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වූ උපුල් නිශාන්ත මහතා මීට වසර විස්සකට පමණ පෙර එංගලන්තයේ වෛද්‍ය සේවයට ගොස් ඇත.
වෛද්‍ය උපුල් නිශාන්ත මහතාට ඉදිරි දින කීපය තුළදී කොවිඩ් එන්නත ලබාදීමට නියමිතව තිබූ බව ඔහුගේ බිරිඳ වන සුජී දිසානායක මහත්මිය පැවසුවාය.
විදේශයක වෛද්‍ය වෘත්තියේ නිරතව සිටියදී මියගිය පළමු ශ්‍රී ලාංකික වෛද්‍යවරයා දිසානායක මහතා ලෙස සැලකෙයි.
මොහු උතුරු කොළඹ (රාගම) වෛද්‍ය පීඨයේ ආරම්භක වෛද්‍ය ශිෂ්‍ය කණ්ඩායමට ඇතුළත්වී සිටි අයෙකි.
මොහුට පින් පැමිණවීමක් ඊයේ (18) සවස දුනකදණියේ පිහිටි ඒ මහතාගේ නිවසේදී පවුලේ අයගේ සහභාගීත්වයෙන් සිදුකෙරිණි.
ඔහුගේ අවසන් කටයුතු (18) ලන්ඩන් නුවරදී සිදු කිරිමට නියමිතව තිබිණි.
- හිරාන් ප්‍රියංකර ජයසිංහ -
Comments
Post a Comment
Your comment will be visible after approval