පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායකගේ දියණිය දුල්මිණි අත්තනායක ගැන සමාජ මාධ්‍ය තුළ කියැවෙන්නට පටන්ගත්තේ ඇය තම පියා කූඨ ලේඛන නඩුවට සිරගතව සිටි කාලයේ ‘ඇපල් බාලා එනවා‘ යයි කැඩුණ සිංහලෙන් මාධ්‍ය වෙත උත්තර දීමත් අව් කන්නාඩි පැළඳ ‘මොඩ්‘ පෙනුමකින් මාධ්‍ය ඉදිරියේ පෙනී සිටීමත් නිසාය. ඒ කාලයේ තිස්ස අත්තනායකගේ බෑණාවරුන්ගේ සංගමයක්ද සමාජ මාධ්‍ය තුළ පිහිටුවා තිබුණි.
එවක අගමැති රනිල් දිගටම තිස්ස ළං කර නොගත්තේ තම පක්ෂයේ ලේකම්ව සිටිමින් ව්‍යාජ ලේඛන මාධ්‍ය ඉදිරියේ පෙන්වමින් 2015 ජනපතිවරණයේදී කළ පාවාදීම නිසාය. කෙසේ වෙතත් පසුගිය ජනපතිවරණ සමයේ තිස්ස සජිත්ට සමීපවූ අතරම රනිල් හා විරසක මෛත්‍රී සමගද හිතවත් විය.
ඇයගේ මෙම පත්වීම ඇතුළු සියලු විදේශ සේවා දේශපාලන පත්වීම් ගෝඨාභය රාජපක්ෂ ජනපති වූ සැණින් අත්හිටවූ අතර නැවත මෙම රජයට හිතවත් අය එම තනතුරුවලට පත් කරන්නට ටික කාලයකින් සිදු කරන බව වාර්තාවිණි. කෙසේ වෙතත් තිස්ස හිරේ සිටියදී ලියූ ලිපි ඇතුළත් පොතක් මුද්‍රණය කළ අතර එය ජනපතිට අගමැතිට මුලින්ම පිළිගන්වන ලදි. මෑත කාලීනව තරහා අමතක කර රනිල්ටද පිළිගන්වන ලදි.
තිස්ස දේශපාලනිකව සක්‍රීය වීම හා කාටත් හිතවත්වීමේ වාසිය නිසා දුවගේ රස්සාවට බලපෑම අඩුවිය.
දුල්මිණි අත්තනායක වත්මන් රජය විසින් මෑතකදී කරන ලද තවත් දේශපාලන පත්වීමක් ලෙස ඕස්ට්‍රේලියාවේ කැන්බරා හි පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ තුන්වන ලේකම්වරිය ලෙස නැවත පත් කර තිබේ.
0 Comments