කෝවිඩ් -19 තත්ත්වය සැලකීමේදී මෙරට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් දින 14ක් නිරෝධායනයට ලක් විය යුතු බවට නීතියක් තිබියදී මෙරට පැමිණි යුක්රේනයේ සංචාරකයන් දින පහක් හයක් නිරෝධායනය වී සංචාරවල නිරතවන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය සඳහන් කරයි.
කෝවිඩ් - 19 තත්වය සැලකීමේදී සංචාරක ව්‍යාපාර ආරම්භ කිරීමට සුදුසු අවස්ථාව මෙය නොවන බවත්, මේ අවස්ථාවේ සංචාරක ව්‍යාපාරය ආරම්භ කිරීම තුළින් ආර්ථික වාසිවලට වඩා ආර්ථික අවාසි සිදුවිය හැකි බවද එම සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා සඳහන් කළේය.
යුක්රේනය සැලකීමේදී එරට තුළ කෝවිඩ් - 19 රෝගය පැතිර යන බවත්, එසේ තිබියදී යුක්රේනයේ සිට පැමිණි පිරිස් විශේෂ ක්‍රමවේදයන් යටතේ මෙරට තුළ සංචාරය කළත් එලෙස පැමිණන පිරිස් අතර මෙරට තුළදී කෝවිඩ් - 19 ආසාදනය වීම ගැටලුවක් බවද පවසා සිටියේය. මේ නිසා මේ අවස්ථාවේදී සංචාරක ව්‍යාපාරය ආරම්භ කිරීම තුළින් රටේ ආර්ථිකයට සහ සංචාරක ව්‍යාපාරයට වාසියක් සිදුවන්නේද යන්න නැවත විමර්ශනය කළ යුතුව තිබෙන බවද හෙතෙම සඳහන් කළේය.
- එච්. අයි. කුමාර -
0 Comments