කොවිඞ් රෝගීන්ට ලබන සතියේ සිට නාවින්න ආයුර්වේද පර්යේෂණ රෝහලේදී දේශීය ඖෂධ ලබා දෙමින් නේවාසික ප‍්‍රතිකාර කිරීමට කටයුතු සකස් කෙරෙමින් පවතින බව දේශීය වෙදකම්, ප‍්‍රවර්ධන හා ආයුර්වේද රෝහල් සංවර්ධන රාජ්‍ය ඇමැති සිසිර ජයකොඩි මහතා පවසයි.


මෙහිදී ආයුර්වේද දෙපාර්තමේන්තුව අනුමත කරන ලද ඖෂධ ලබාදීමේ වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක කිරීමට කටයුතු කරමින් සිටින බව ද ඇමැතිවරයා කීය.
‘‘ආයුර්වේද රෝහල්වලට කොවිඩ් රෝගීන් ඇතුළත් කරන්න දේශීය වෛද්‍ය අමාත්‍යාංශය තීරණය කළා. මෙතෙක් කල් කොවිඩ් ආසාදිතයන් බටහිර රෝහල්වල ප‍්‍රතිකාර ලැබුවා. ඒ රෝගීන්ට දේශීය ඖෂධ ලබා දීමේ ගැටලූ රාශියක් පැවතුණා. නමුත් දැන් ඒ කොවිඩ් රෝගීන්ට දේශීය ඖෂධ ප‍්‍රතිකාර ලබාදීම සඳහා තීන්දුවකට එළඹුණා.
‘‘මේ වන විට සායනික වශයෙන් සහ රෝගයට ප‍්‍රතිකාර ලෙස ඉදිරිපත් කර ඇති ගුඩිත්වාදී චූර්ණය, සුවධරණි ප‍්‍රතිශක්තිකරණ පානය, රතකල්කය, ඒ වගේම සුදර්ශනය වැනි තවත් දේශීය ඖෂධ භාවිතා කරමින් මේ කොවිඞ් රෝගීන්ට ප‍්‍රතිකාර කරන්න බලාපොරොත්තු වෙනවා. මොන බාධක ආවත් දේශීය ඖෂධ නගා සිටුවමින් කොවිඩ් රෝගීන් සුවපත් කිරීම සඳහා මැදිහත් වෙනවා. ඒ වගේම දේශීය ඖෂධවල වටිනාකම ගැන ජනතාව දැනුවත් කරන්නත් බලාපොරොත්තු වෙනවා. යැයිද ඔහු පවසා සිටී.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන් (දිවයින)

------- 

[Send your emails to editor - editor@gossiplankanews.com]