කෝවිඩ්  එන්නත්කරණ ක්‍රියාවලිය ඊයේ (29දා) සිට ආරම්භ වී තිබේ. මේ වැඩසටහනේ ඉදිරි කටයුතු ගැන සෞඛ්‍ය සේවා අංශ මගින් පසුගියදා පැවැත්වූ මාධ්‍ය හමුවකදී කරුණු ඉදිරිපත් විය.

රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ,

රටම බලාගන ඉන්න කෝවිඩ් මර්දනයේදී ඉතාම  වැදගත්, සාර්ථක,  ඉතාම ශක්තිමත් ක්‍රමවේදයක් වන එන්නත්කරණය ගැන සුබවාදී පණිවුඩයක් ලබාදිය හැකියි. අපි සොඛ්‍ය අමාත්‍යාංශය ලෙස ඉතාමත් සෑදී පහැදී සිටිනවා මෙම එන්නත්කරණය රට තුළ ක්‍රියාත්මක කරන්න. විශේෂයෙන්ම ඔක්ස්ෆර්ඩ් ඇස්ටාසෙනිකා එන්නත අපිට ලැබෙනවා. අතිගරු ජනාධිපතිතුමන්ගේ සෘජු මැදිහත්වීම යටතේ ඉන්දියාවෙන් අපිට ඔක්ස්ෆර්ඩ් ඇස්ටාසෙනිකා ප්‍රමාණයක් ලංකාවට ලැබී තිබෙනවා. ඒවගේම එන්නත්කරණය ආරම්භ කරන්න සියලුම සැලසුම් සකස් කර තිබනවා. පසුගිය සති අන්තයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්මාණය යටතේ පෙරහුරුවක් ස්ථාන තුනක පවත්වලා අපට තිබෙන ශක්තීන් හා එන්නත්කරණයේදී ඇතිවිය හැකි ගැටලු හඳුනාගැනීමක් සිදුකර තිබෙනවා.


ඔක්ස්ෆර්ඩ් ඇස්ටාසෙනිකා කියන එන්නත කොවිඩි මර්දනයට ඉතාම සාර්ථක එක්කක්. කෝව්ඩ් මර්දනය සඳහා සාර්ථක ක්‍රමවේදයක් ලෙසයි මේ එන්නත්කරණය හදුනාගෙන තිබෙන්නේ. මේ එන්නත හරහා සෞඛයට තිබෙන Health burden එක අඩුකරන්න පුළුවන්. මේ එන්නත හරහා කෝවිඩ් වෛරසයට විරුද්ධව අවශ්‍ය කරන ප්‍රතිදේහ ශරීරය තුළ නිෂ්පාදනය වෙලා ඒ තුළින් ඉතාමත්ම උග්‍ර තත්වයේ ආසාදනයවීම් අවම කරන්න කටයුතු කරනවා කියලා අද වෙද්දී විද්‍යාත්මකව තහවුරු වෙලා තිබෙනවා. ඒ නිසා අපි සතුටු වෙනවා රටේ ජනතාවට මේ වැදගත් පණිවුඩය ලබාදෙන්නට. එන්නත්කරණය ආරම්භ කිරීම සදහා ප්‍රමුඛතා කණ්ඩායම් හඳුනාගෙන තිබෙනවා. මේ ප්‍රමුඛතාව අනුව පළමුවන වටයේ මාත්‍රා ලක්ෂ හයක් මේ වෙනකොට අපි හඳුනාගෙන තිබෙනවා.


කෝවිඩි මර්දනයේ ඉදිරිපෙළෙ කටයුතු කරන සොඛ්‍ය ක්ෂේත්‍රයේ  සියලුම අයටත්, ත්‍රිවිධ හමුදාව, පොලීසිය කියන කණ්ඩායම් එකතු කරගත්තම ලක්ෂ තුනක පමණ පිරිසක් ඉක්මවා.  ඒ අනුව පළමු මාත්‍රාව ලබාදීලා සති තුනකින් දෙවන මාත්‍රාව ලබාදෙන්න කටයුතු කරනවා. ඒ අතරතුර අපිට කෝවැක්ස් පහසුකම ලබෙනවා. ඒ අනුව ජනගහනයෙන් 20%කට ප්‍රමාණවත් එන්නත්  ලැබෙන්නට නියමිතයි. මීට අමතර අවශ්‍ය එන්නත් ප්‍රමාණය මිලදී අරගෙන රටේ ජනතාවට ප්‍රමුඛතාගත කර තිබෙන ලැයිස්තුව අනුව එන්නත ලබාදීම සඳහා මේ වන විට රජය සෑදී පැහැදී සිටිනවා කියන පණිවුඩය අපි ලබාදෙනවා. අපි මෙය ඉතාමත් සුබවාදී අවස්ථාවක් ලෙස සලකනවා. 2021 වර්ෂයේ ශ්‍රී ලංකාව තුළ කෝවිඩි මර්දනය කිරීමේදී මේ එන්නත්කරණය ඉතාමත්ම වැදගත් කාර්යය භාරයක් කරනවයි කියන එක අපි මේ අවස්ථාවේදී මතක් කරනවා. අපි ඉතාමත් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා කෝවිඩ් මර්දනයේදී මාධ්‍ය ලබාදුන් සහයෝගය ඒ ආකාරයෙන්ම එන්නත්කරණය  පිළිබද ජනතාව දැනුවත් කරන්න, එන්නත ලබාදීමේ වැදගත්කම ගැන ජනතාවට නිවැරදි  පණිවුඩය ලබාදෙන්න අවශ්‍ය සහාය අපිට  ලබාදෙන්න කියලා. රජය විසින් ගෙන්වන මේ  එන්නත් ඉතාම සාර්ථක මෙන්ම ගුණාත්මක බවින්  ඉහළ ඒවා බවට සහතික කර තිබෙනවා. අපි දන්නවා අපේ රටට එන්නතක් හෝ ඖෂධයක් ගෙන්වනවා නම් ඖෂධ නියාමන අධිකාරිය විසින් අනුමත කරන්නට අවශයයි.


මේ වනවිට ලෝක සොඛ්‍ය සංවිධානය ෆයිසර් බයෝටෙක් කියන එන්නතට හදිසි අනුමැතිය යටතේ අනුමැතිය   ලබා දී තිබෙනවා. ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රසෙනිකා හා  මොඩර්නා කියන එත්තත ඔවුන්ගේ අවසර  ලබාදීමේ අදියර තුන සමත්වෙලා අවසර ලබාදීමේ අවස්ථාවක ඉන්නේ. ඉතින් අපි රජයක්  ලෙස ජනතාවට ආරක්ෂිත සාර්ථක එන්නතක්  ලබාදීමට කටයුතු කර තිඛෙනවා.ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රසෙනිකා එන්නතට හදිසි අනුමැතිය ලබා දී තිබෙනවා. මේ එන්නත අපිට අපේ ජනතාවට ලබාදෙන එක පහසුයි. මොකද ශීත දාමය රකින්න අවශ්‍ය පහසුකම් අපේ රටේ දැනටමත් තිබෙනවා.  අපේ රටේ දරුවන් එන්නත්කරණ වැඩසටහන අවුරුදු ගණනාවක් ඉතාමත් සාර්ථකව කරගෙන   යනවා.
මම හිතන්නේ ලෝකය අපේ රටේ මේ සාර්ථකත්වය ගැන හුගක් කතා කරනවා. ඒ නිසා අපිට ශීත දාමය රකින්න පහසුකම් තිබෙනවා. අපිට ෆයිසර් එන්නත ලැබුණොත් එය ගබඩා කරන්න, ප්‍රවාහනය කරන්න, ශීතදාමය රකින්න අවශ්‍ය මූලික හසුකම් අපි සකස්කර තිබෙනවා. ඒවගේම අඩුපාඩුකම් සම්පූර්ණ කරන්නත් අපේ සූදානමක් තිබෙනවා.


මේ පළමු එන්නත් තොගය මෙරටට ලැබුණු පසු යළි අපේ රටට එන්නත් ලැබෙන්නේ කවදාද කියලා ජනතාවට නැගෙන පැනයට අදහසක් ලබාදෙමින් දැනටත් රජයේ ඖෂධ නීතිගත සමාගමට එන්නත් ආනයනයට වගකීම පවරා තිබෙන බව කියන්න කැමතියි. ඒ අනුව අපි හැකි ඉක්මනින් මේ එන්නත ජනතාවට ලබාදෙන්න අවශ්‍ය කටයුතු සිදුකරලයි තිබෙන්නේ. ඒවගේම රෝහල්, සායන මධ්‍යස්ථාන හරහා වගේම අලුතින් සායන මධයස්ථාන පිහිටුවලා හැකි ඉක්මනින් ජනතාවට මේ එන්නත් ලබාදෙන්න කටයුතු කරනවා. මේ වෙදදී මුළු ලෝකයම මේ එන්නත් ලබාගන්න කටයුතු කරමින් සිටිනවා. ඒනිසා අපි මේ එන්නත් ඉක්මනින් ඇණවුම් කර ලබාගන්න අවශ්‍ය කටයුතු සිදුකරනවා.   මේ එන්නත අපි රජයෙන් ලබාදෙන නිසා නොමිලේ තමයි ලබාදෙන්නේ. මුලින්ම එන්නත ලබාදෙන්නේ මුල්  පෙළ සෞඛ්‍ය කාර්යමණ්ඩලවලටයි.


ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කෝවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා,


 මෙය ශ්‍රී ලංකාවට බොහෝම සුබ අවස්ථාවක්. රට එක්සෙසත් වන අවස්ථාවක් කියලා මෙම අවස්ථාව හඳුන්වන්න පුළුවන්. මොකද අපි දන්නවා සියලුදෙනාම අවුරුද්දක් විතර කාලයක් මේ  වෛරසයට නිසි පිළිතුරක් ලැබේද කියලා ලොකු මානසික අසහනයක් සහිතවයි හිටියේ.  ඔක්ස්ෆර් ඇස්ට්‍රසෙනිකා කියන එන්නත ලෝකයේම මේ වෙද්දී කෝවිඩ් 19 සදහා හදුන්වා දී ඇති එන්නත්  ලැයිස්තුවේ  එත්තත් අතර ඉදිරියෙන් පවතින්නක්. ඒනිසා අපේ විශේෂඥ වෛදවරු මේ එන්නත් පිළිබද සිදුකරන ලද විශාල අධ්‍යයනයකින් පසුව  තමයි මේ එන්නතට අනුමැතිය ලබා දී තිබෙන්නේ, ඒ නිසා සුබවාදි දෙයක් ලෙස මෙය අපි දකිනවා. අපි දැක්කා අපේ සෞඛ්‍ය කාර්යමණ්ඩලය පසුගිය දවස්වල කෝවිඩ් රෝගීන්ට සත්කාර කරන්නට මහත්  පරිශ්‍රයක් දරනවා. ඒ අය ආරක්ෂා කරගන්න එක අපිට හරි වැදගත්. ඒ  නිසා අපි මුලින්ම එන්නත ලබාදෙන්න මුල් පෙළ සොඛ්‍ය කාර්යමණ්ඩලවලට. ඒ ඔවුන්ව ආරක්ෂා කරගන්නයි. ඒ වගේම අනෙකුත් ජනතාවට ක්‍රම ක්‍රමයෙන් මේ එන්නත් ලබාදන්න අවශ්‍ය වැඩකටයුතු කරගෙන යනවා. එන්නත්කරය කියන්නේ අපිට අලුත් දෙයක් නෙමෙයි. අපි දන්නවා ශ්‍රී ලංකාව කියන්නේ කුඩා ළමුන්ගේ එතත්වලින් විවිධ රෝග සදහා 99%කට වැඩි ප්‍රතිශතයක් ආරක්ෂාව සපයා තිබෙන රටක්. අපේ රටේ රෝහල් 1060ක් තියෙනවා. පෞද්ගලික රෝහල් 200තිබෙනවා.


අපි  රජයේ  රෝහල්වල කාර්යමණ්ඩලවලට තමයි , මේ එන්නත් ලබාදෙන්නේ. අපේ සොඛ්‍ය නිලධාරි කාර්යාල 360ක් වගේ තිබෙනවා. ඒ සියල්ලට මේ එන්නත ලබාදෙන්න හැකියාව අපිට තිඛෙනවා.  අපිට ලබාදීමේ ගැටලුවක් නැහැ. අපිට සියලු  පාර්ශ්වවල සහාය  තිබෙනවා. එහෙම බැලුවාම ජනතාව වෙත මේ එන්නත ලබාදෙන්න අපිට   අවශ්‍ය පහසුකම් තිබෙනවා. ඒවගේම කියන්න ඕන එන්නත්කරණය කියන්නේ  කෝවිඩ් වලින්  ආරක්ෂා වෙන්න අපිට තිබෙන එක් ආයුධයක් පමණයි. මුවවැස්ම, අත් සේදීම, දුරස්ථභාවය ආරක්ෂා කිරීම ආදී සියලුම දේ එක්ක ආවොත් තමයි අපිට මේ රෝගයෙන් ආරක්ෂා වෙන්න හැකියාව ලැබෙන්නේ. සියලුම රටවැසියාට එන්නත ලබාදෙන්න පුළුවන් නම් අපිට රටක් විදිහට කියන්න පුළුවන් අපි සුරක්ෂිතයි කියලා. එතකොට අපිට කියන්න පුළුවන් විදේශිකයන්ට අපේ රටට එන්න කියලා වගේම අපිටත් විදේශගත වෙන්න පුළුවන්. ඒවගේම මේ එන්නත හරහා  යම් විශ්වාසවන්තභාවයක් අපිට ඇති කරන්න පුළුවන්. නමුත් අපිට දැන්මම අපේ මුව වැස්මවල් ඉවත් කරන්න ැකියාවක් නැහැ. මොකද අපිට  මේ තිබෙන සියලු ආරක්ෂිත උපක්‍රම එකට ගැනීම තුළින් තමයි කෝවිඩි වසංගතය ජයගන්නට හැකිවන්නේ.


• නදීශානී පතිරණ