ජලසම්පාදන ඇමති වාසුදේව නානායක්කාර මහතාට කොරෝනා වෛරසය ආසාදනයවී තිබෙන අතර ඔහු මේ සඳහා ප්‍රතිකාර සඳහා යොමුව ඇති බව වාර්තාවේ.
පාර්ලිමේන්තුවේ සිටින වයෝවෘද්ධම පුද්ගලයින් අතරින් කෙනෙකු වන
ඔහුගේ වයස 82 කි.
වාමාංශිකයෙකු ලෙස දශක ගණනාවක දේශපාලන අත්දැකීම් සහිත නානායක්කාර මහතා  2006 පළාත් පාලන මැතිවරණයේදී කොළඹ නගරාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වෙමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයට (යූපීඑෆ්ඒ) සම්බන්ධ වූ අයෙකි.එහිදී නගර සභාවේ විපක්ෂ නායකයා විය.
2010 පාර්ලිමේන්තු මැතිවරණයේදී රත්නපුර දිස්ත්‍රික්කය සඳහා පාර්ලිමේන්තු අපේක්ෂකයෙකු ලෙස සම්බන්ධවී මෑත වනතුරුම කටයුතු කරයි.
වාසුදේව නානායක්කාර මහතාගේ ආශ්‍රිතයින් සොයා නිරෝධායනයට යොමු කිරීමේ වැඩසටහනක්ද ක්‍රියාත්මක වේ.