මීට ටික කලකට පෙර රෝහල්ගතව සිටි ප්‍රවීණ සංගීතවේදී වික්ටර් රත්නායකගේ සුමධුර කටහඬ අහිමිවී ඔහුට ගායනය කිරීමට නොහැකිවී ඇති බවත් මෙම කටහඩ අහිමිවීයාමේ ගැටලුවට ප්‍රතිකාර ලබාගන්නට 78 හැවිරිදි ගායකයා සිය ළාබාල බිරිය සමග යේසුස් තුමන්ගේ යාඥා බලයෙන් රෝග සුවකරන බව කියන ඇදුරෙකු වෙත ගොස් තිබුන බවත් සමාජ මාධ්‍ය තුළ වීඩියෝවක් හුවමාරුවේ.  මෙහිදී ඇදුරා වික්ටර් සමග ප්‍රසිද්ධ සභාවක කෑගසා මෙම ප්‍රතිකාර ක්‍රමය ක්‍රියාත්මක කරන්නේ කිසියම් අමුතු ඇස්කණ්නාඩියක්ද ගායකයාගේ මුහුණේ රඳවමිනි. ඔහු වික්ටර්ගේ උගුර පිරිමදිමින් සියලු හදි හූනියම් බංගවන ලෙස කෑමෝර දෙයි. යාඥා ආරම්භක අවස්ථාවේ වික්ටර් රත්නායක යමක් කියන හඩ ඇසෙන අතර ඉතා අමිහිරි ‘අඟහරු කුරුමිට්ටන්ගේ‘ ආකාරයේ ශබ්දයක් වික්ටර් සතුව ඒ වනවිට පවතින බවද ඒ අනුව ඇසෙයි.
යාඥාව අවසානයේ වික්ටර් රත්නායක තමන්ට දැන් සුවය ලද බව පවසන අතර වේදිකාවේ ඔහුගේ සුමිහිරි කටහඩින් ගීතද ගායනා කර පෙන්වයි.
මෙම ක්‍රියාවලිය ගුප්ත බලයේ ආශිර්වාදයෙන් ලද්දාවූ සුවයක්ද නැතිනම් වෙනත් මවාපෑමක්දැයි පැහැදිලි නැත.
මේ අතර වික්ටර්ගේ දේවාශිර්වාද කටහඩ ලැබීමේ පුවත සමාජ මාධ්‍ය තුළ විවිධ කතාබහට ලක්ව ඇත. කතාබහ මතුකරන්නන් අතර කලක් වික්ටර්ට විශාල ගෞරවයක් පුදකළ ඉරාජ්ද සිටී.
‘වෛද්‍ය විද්‍යාවේ කිසිදු ප්‍රතිකර්මයකට නැවතත් ලබා දීමට නොහැකි වූ එතුමාගේ මධුර හඩ යාඥා කිරීමෙන් ලබා ගැනීමට එතුමන් සමත් වී තිබුනේ
සිය ආදරණීය බිරිදගෙන් නොඅඩුවම ලැබෙන ආදරය සෙනෙහස මැදින් ‘ යයි නොයිස්ටීවී මෙය වාර්තා කර තිබුණි.
මේ අතර වික්ටර්ගේ මෙම ක්‍රියාව විවේචනයට ලක්වූ ෆේස් බුක් පිටුද හඳුනාගන්නට ලැබිණි.
‘මිත්‍යාවෙන් මිනිස්සු ගලවාගන්න කරපු නැණපහනේ සම්පත් දායකත්වයක් වුන වික්ටර් රත්නායක මහත්තයා නේද මේ කටහඬ ලබාගන්න කියලා තවත් මිත්‍යාවක් පස්සේ යන්නේ  පෝන් චාර්ජ් කරනවා වගේ තව එකෙක් ‘ එක් පිටුවක සටහන් විය.
‘සල්ලිත් නෑ දැං කෑල්ලකුත් ඉන්නවනෙ පොරට ඒකිත් මාට්ටු උනේ මොකක්ද සල්ලි සීන් එකකට අනං මනං වැඩ ටිකට වියදම් කරන්න මේ අමාරු කාලෙ සල්ලි හොයාගන්න කරන වැඩ තමා මේ දවස්වල කොන්සට් තියන්න පුළුවන් කියල යෑ උඹල බොරුවට පැණික් වෙන්නෙපා පාදිලිටත් ඕනෙ බැනුම් අහලා වෛරල් වෙන්න තමා‘එක් පිටුවක සටහන් විය.

සිදුවීමට අදාළ වීඩියෝව පහතින්