මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකින් වාර්තා වූ සුළු භූ චලන හේතුවෙන් වික්ටෝරියා ජලාශයේ වේල්ලට බලපෑමක් සිදු විය නොහැකි බව අදාළ සිද්ධි සම්බන්ධයෙන් විද්‍යාත්මක අධ්‍යයනයක් සිදු කිරීම සඳහා පත් කළ විද්වත් කමිටු වාර්තාවෙන් පෙන්වා දී තිබේ.
එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මේ වනවිට සිදුව ඇති භූ චලන සියල්ලම රිච්ටර් මාපකයේ 02ට අඩු අගයකින් වාර්තා වී තිබීමත් එසේම ඒවා ජලාශයට ජලය පිරී යන අවස්ථාවන්වලදී සිදුවන ස්වාභාවික කම්පන විශේෂයක් වන බවත්ය. මේ අතර භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති, ඉංජීන්නේරු අනුර වල්පොළ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් අදාළ කමිටුව විසින් සිය වාර්තාව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාට භාරදීමට කටයුතු කර තිබේ.
-නිදර්ශි වික්‍රමසිංහ -
0 Comments