පෞද්ගලික බස් කර්මාන්තකරුවන් මුහුණපා සිටින ගැටලු අතරින් අමාත්‍යාංශ මට්ටමින් ලබාදිය හැකි ප්‍රශ්න
ගණනාවකට විසඳුම් ලැබී ඇති නිසාත් මාර්තු 31 දක්වා තවදුරටත් සහන කිහිපයක් ලබාදී ඇති නිසාත් අද
(16දා) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ පෞද්ගලික බස් රථ ඒකාබද්ධ වැඩ
වර්ජනය තාවකාලිකව අත්හිටුවූ බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු
විජේරත්න මහතා පවසයි.
බස් රථ හිමියන්ගේ ගැටලුවලට ජාතික මට්ටමේ විසඳුම් ලබාගැනීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ
මහතා සමඟ සාකච්ඡාවකට අවස්ථාව ලබාදීමට අවශ්‍ය පියවර ගැනීමට ප්‍රවාහන අමාත්‍යවරයා එම
අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් දුන් බවට ගැමුණු විජේරත්න මහතා සඳහන් කරයි.
පෞද්ගලික බස් රථ ඇණියෙන් සියයට 50කට අධික සංඛ්‍යාවක් එනම් බස් රථ දස දහසකට ආසන්න
ප්‍රමාණයක් මේ වනවිට ධාවනයෙන් ඉවත් කර ඇති බවත් බරපතළ ලෙස බිඳවැටී ඇති පෞද්ගලික බස්
කර්මාන්තය යළි නඟාසිටුවීමට රජයේ මැදිහත්වීමෙන් විධිමත් සැලැස්මක් සහිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක
කිරීමේ අවශ්‍යතාව විජේරත්න මහතා පෙන්වා දෙයි.
උපතිස්ස පෙරේරා
0 Comments