2020 වසරේ අගෝස්තු හා සැප්තැම්බර් මාසයේදී සේවය ස්ථිර කළ යුතු පුහුණුවට බඳවාගත් උපාධිධාරීන් මේ වසරේ ජනවාරි මාසයේ සිට බලපැවැත්වෙන ලෙස ස්ථිර කිරීමට ගෙන තිබෙන තීරණය වැරදි තීරණයක් බව ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය සඳහන් කරයි. 2019 වසරේ අගෝස්තු හා සැප්තැම්බර් මාසවලදී වසරක පුහුණු කාලයකට බඳවාගත් උපාධිධාරීන් සියල්ලම පසුගිය වසරේ අගෝස්තු හා සැප්තැම්බර් මාසවලදී ස්ථිර සේවයටඇතුළත් කළ යුතුව තිබූ බවද එම සංගමයේ ලේඛම්
එහෙත් තවමත් මෙම පිරිස් ස්ථිර කර නොමැති බවත්, මේ නිසා මෙම පිරිස් ස්ථිර කරන ලෙස ඉල්ලා රට තුළ අරගලයක් සිදුකරමින් තිබෙන බවත් ඒ මහතා පවසා සිටියේය. අදාළ පිරිස් පසුගිය වසරේ අගෝස්තු හා සැප්තැම්බර් මාසවල සිට බලපැවැත්වෙන ලෙස ස්ථිර කරන ලෙස ඉල්ලා මෙම අරගල සිදුකරමින් තිබෙන බවත්, එසේ තිබියදී මෙම පිරිස් මේ වසරේ ජනවාරි මාසයේ සිට බලපැවැත්වෙන ලෙසට ස්ථිර කිරීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය තීරණය කර තිබෙන බවත් ධම්මික මුණසිංහ මහතා ප්‍රකාශ කළේය.
පුහුණුවට බඳවාගත් උපාධිධාරීන් රුපියල් විසිදහසක මාසික දීමනාවකට වසරක කාලයකට බඳවාගත් බවත්, ඒ නිසා අදාළ කාලයේ සිට බලපැවැත්වෙන ලෙස ස්ථිර නොකළහොත් ඒ එ වෙනුවෙන් රට පුරා විරෝධතා ව්‍යාපාර පවත්වන බවත් ලේකම්වරයා සඳහන් කර සිටියේය.
-එම්.අයි. තුෂාර-
0 Comments