අගුණුකොළපැලැස්ස, කව්චිගල්පාරේදී දැරියන් දෙදෙනෙකු අපයෝජනය කර ඔවුන් සතු රන් ආභරණ හා මුදල් මංකොල්ල කෑමේ වරදට වරදකරු වූ විත්තිකරුවෙකුට වසර 39ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්, ලක්ෂ තුනහමාරක වන්දි මුදලක් හා රුපියල් 35,000ක දඩ මුදලක් ගෙවන ලෙස හම්බන්තොට මහාධිකරණ විනිසුරු එස්.අයි. කාලිංගවංශ මහත්මිය පෙරේදා(09) නියෝග කළාය. මෙලෙස සිර දඬුවම්, වන්දි හා දඩ නියම වූයේ, අගුණුකොළපැලැස්ස, කවිච්චිගල්ආරේ තාවකාලිකව පදිංචිව සිටි එක් දරු පියෙකු වන වනිගතුංගගේ නිහාල් ශාන්ත (අවු.40) නමැත්තෙකුටය.
චුදිත තැනැත්තා 2002 සැප්තැම්බර් මස 05 වන දින රාත්රි 11ට පමණ අගුණුකොළපෑලැස්ස කවිච්චිගල්ආර ප්රදේශයේදී නිවසකට ඇතුළු වී නිවසේ සිටි මව හා ඇයගේ බාලවයස්කාර දැරියන් දෙදෙනා බියගන්වා ඔවුන්ට පහරදී ඔවුන් සත්තකයේ තිබූ රුපියල් 2000ක මුදලක්, රුපියල් 1100, 3000 හා 1000 ප්රමාණයේ වටිනාකම්වලින් යුත් කරාබු ජෝඩු තුනක් මංකොල්ල කා පසුව නිවසේ සිටි දැරියන් දෙදෙනාවද බරපතළ ලෙස අපයෝජනයට ලක්කර පලා ගොස් තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් අගුණුකොළපැලැස්ස පොලීසියට ලද පැමිණිල්ලට අනුව සිදුකළ විමර්ශනවලදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ වුදිත තැනැත්තා මාතර ප්රදේශයේ පදිංචිකරුවෙකු වන බවත්, අගුණුකොළපැලැස්ස කවිච්චිගල්ආර ප්රදේශයේ පදිංචි සිය ඥාතියෙකුගේ නිවසේ පදිංචිව සිටිමින් මෙම අපරාධය සිදුකර ඇති බවත්ය.
ඒ අනුව අගුණුකොළපැලැස්ස පොලීසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන අගුණුකොළපැලැස්ස මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කර පැවති මුලික නඩු විභාගයෙන් පසු නීතිපතිවරයා විසින් චුදිතට එරෙහිව අධිචෝදනා 05ක් යටතේ හම්බන්තොට මහාධිකරණය හමුවේ නඩු පවරා තිබුණි.
ඒ අනුව පැවති දිර්ඝ නඩු විභාගයකින් පසු සැකකරුට එරෙහිව නගා තිබු වෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීම හේතුවෙන් හම්බන්තොට මහාධිකරණ විනිසුරු එස්.අයි. කාලිංගවංශ මහත්මිය විසින් චුදිත චෝදනා 05 සදහා වැරදිකරු කරමින් දඬුවම් නියම කළාය. නීතිපතිවරයා වෙනුවෙන් ඊයේ අධිනිතීඥ ගෙවිඳු සෙනෙවිරත්න මහතා පැමිණිල්ල මෙහයවීය.
-නුවන් ජයසේකර-
0 Comments