හමුදා කුමන්ත්‍රණයක් හරහා අවුන් සාන් සුකී නැවතත් නිවාස අඩස්සියට පත්කර ඇත. මෙවැනිම අවස්ථාවක් 1980 දශකයේ අග භාගයේදීද සිදුවිය. එම පසුබිම් කතාව මුලික හරය කොටගෙන විශිෂ්ට සිනමා කෘතියක් නිර්මාණය විය.
එය නමින් Beyond Rangoon ය.මෙම චිත්‍රපටය නිෂ්පාදනය කිරීම සදහා ශ්‍රී ලාංකික ශිල්පීන්ද දායක විය. මියන්මාරයේත්මන් දේශපාලන තත්වය මෙම චිත්‍රපටය නැවත ගෙනහැර දැක්වීමට ඉඩහසර වෙන් කරනු ඇත.Beyond Rangoon චිත්‍රපටය වඩාත් විශේෂ වන්නේ හුදු රසවින්දන චිත්‍රපටයකට වඩා සමාජ බලපෑම්කාරී ප්‍රවාහයක් මෙම චිත්‍රපටය හරහා බිහිවීම හේතුවෙනි. මෙම චිත්‍රපටය 1995 වර්ෂයේදී ප්‍රදර්ශනය විය. බොහෝ දෙනාගේ ආකර්ෂණය දිනාගත් මෙම චිත්‍රපටය බොක්ස් ඔෆිස් වාර්තා තැබූ චිත්‍රපටයකි. ලෝකයේම අවධානය චිත්‍රපටයට
මෙන්ම අවුන් සාන් සුකී කෙරෙහිද යොමුවිය. නිවාස අඩස්සියෙන් මිදුණු ඇය බි.බි.සී. නාළිකාව හරහා සිදුකළ පළමු සම්මුඛ සාකච්ඡාවේදී මෙම චිත්‍රපටයට සහ නිෂ්පාදන කණ්ඩායමට සිය ස්තූතිය පිරි නැමූවාය.
ප්රජාතන්ත්රවාදයේ ප්‍රතිමූර්තියක් ලෙස හදුන්වන අවුන් සාන් සුකීට 1991 වර්ෂයේ නොබෙල් සාම තරගය හිමි විය. මෙම සාම ත්‍යාගය හිමිවන්නේ ඇය ප්රජාතන්ත්රවාදය සහ මානව හිමිකම් වෙනුවෙන් ප්‍රචණ්ඩත්වයෙන් තොරව සිදුකළ අරගලය හේතුවෙනි. අවුන් සාන් සුකී විශේෂ වන්නේ පැවති හමුදා පාලනයෙන් රට මුදවාගෙන ප්රජාතන්ත්රවාදී ප්රවාහයකට ගෙන ඒමට කටයුතු කිරීම හේතුවෙනි.
1990 වර්ෂයේ පැවැත්වූ ජන්දයෙන් 81% ක ප්‍රතිශතයකින් ජයග්‍රහණය කළ ඇගේ පක්ෂයට බලය ලබා දීමට හමුදා පාලකයෝ අකමැති වූහ. 1989 සිට 2010 දක්වා කාලයක් අයට නිවාස අඩස්සියේ කාලය ගත කිරීමට සිදුවිය. දේශපාලන සිරකරුවෙකු ලෙස විශාල කාලයක් ගත කළ ලෝකයේ විශේෂ අවස්ථාවක් ලෙස මෙය පෙන්වා දීමට හැකිය. ටයිම්ස් සගරාව අවයව 1999 වර්ෂයේදී Children of Gandhi ලෙස හැදින්වීය. ඊට හේතුව ඇය අනුගමනය කළ අවිහිංසාවාදී ප්රතිපත්තියයි.
1988 වර්ෂයේ සේදගොන් චෛත්‍යය ඉදිරිපිට මිලියන භාගයකට අධික ජනතාවක් අමතමින් සිදුකළ දේශනය ඇගේ ජීවිතයේ විශේෂ සංධිස්ථානයක් විය. 1989 ජුලි 20 වැනි දින නිවාස අඩස්සියට පත්වන ඇයට රට හැර යන්නේ නම් නිදහස ලබාදෙන බව මිලිටරි ජුන්ටාව පැවසුවද ඇය එය ප්‍රතික්ෂේප කරමින් ප්රජාතන්ත්රවාදී ප්‍රවාහය වෙනුවෙන් අවිහිංසාවාදී අරගලයක නිරත විය. ලෝකයේ බොහෝ විචාරකයන් පෙන්වා දෙන්නේ බෞද්ධ දර්ශනය ඇගේ ප්‍රතිපත්ති තුළ නියමාකාරයෙන් පදනම් වී තිබූ බවයි.
Laura Bowman නම් ඇමෙරිකානු වෛද්‍යවරියක් ඇගේ සහෝදරියක් සමග මියන්මාරයේ චාරිකාවක නිරත වෙයි. ඒ අතරවාරයේ සිදුවුණු සිදුවීම් මාලාවක් හරහා මෙම කතාව ගෙතයි. චිත්‍රපටයට අනුව 1988 වර්ෂයේ මියන්මාරයේ පසුබිම රූගත කෙරෙයි. අවිහිංසාවාදී ලෙස අරගල ජයගත හැකි බව සපථ කරමින් මෙම චිත්‍රපටයේ කතා මාලාව දිව යයි. චිත්‍රපටය අගය කරමින් බොහෝ සිනමා විචාරකයන් සිය මතය දක්වා ඇත.
චිත්‍රපට උළෙල රැසක මෙය සම්භාවනාවට පාත්‍ර විය.පැය 1 මිනිත්තු 40ක් පුරා දිවයන මෙම චිත්‍රපටය Action, Adventure, Drama ශානරවලට අයත් චිත්‍රපටයකි. John Boorman විසින් අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටයේ තිර පිටපත් රචනය Alex Laskerසහ Bill Rubenstein විසින් සිදුකරන ලදී. මෙම චිත්‍රපටයේ නිෂ්පාදන නිර්මාණ සැලසුම Anthony Pratt විසින් සිදුකළ අතර, එරල් කෙලී කලා අධ්යක්ෂ වශයෙන් කටයුතු කළේය.මෙම චිත්‍රපටය රූගත කරන ලද්දේ 1994 වර්ෂයේදී මැල්සියාවේදීය. මියන්මාරය තුළ පැවතී මිලිටරි ජුන්ටාව මම චිත්‍රපටය මියන්මාරය තුළ නිර්මාණය කිරීම සඳහා කිසි ලෙසකවත් අවස්ථාවක් ලබා දුන් නැත.
මියන්මාරයේ Penang නගර මියන්මාරයේ Rangoon නගරය බවට පත් කිරීමේ වගකීම ශ්‍රී ලංකාවේ කලා දෙපාර්තමේන්තුව විසින් සිදුකරත ලදී.ලාල් හරීන්ද්‍රනාත්, සේනක නවරත්න, සුනිල් විජේරත්න, සුනිල් ප්‍රේමරත්න, අතුල සුල්තානාගොඩ, රත්පිත් අනුරාධ පීරිස්, විමල් ජයවර්ධන, උපතිස්ස ඇතුළු ශ්‍රී ලාංකික ශිල්පීන් රැසක් මෙහි කලා දෙපාර්තමේන්තුවේ කටයුතු කළහ. එරල් කෙලී මෙම කණ්ඩායමට නායකත්වය දැක්වීය.
(එච්.ඒ. ගයාන් මධුෂංඛ)
0 Comments