චීනයේ COVID-19 එන්නත් සහයෝගිතාවක් සම්බන්ධයෙන් එරට එන්නත් නිෂ්පාදන සමාගම් සමග සාකච්ඡාවක් පැවැත්වීමට පියවර ගන්නා බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන විද්‍යාඥ ආචාර්ය සොම්‍ය ස්වාමිනාතන් පවසයි.
ඒ අනුව මෙහිදී චීනයේ Sinovac සහ Sinopharm යන එන්නත් නිෂ්පාදන සමාගම් සමග සාකච්ඡා කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය අදහස් කරගෙන සිටියි. මේ වනවිට මෙම එන්නත් දෙකම ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි භාවිතය වෙනුවෙන් ලැයිස්තුගත කිරිමේ (EUL) අනුමැතියේ අවශ්‍යතා සම්පූර්ණ කිරීම සඳහා වන ඉතාමත් දියුණු අදියර පත්ව තිබෙනවා.” ආචාර්ය ස්වාමිනාතන් පවසයි.
මේ දක්වා Pfizer- BioNTech එන්නතට පමණක් මෙම අනුමැතිය හිමිව ඇත. ඊට අමතරව බ්‍රිතාන්‍යයේ AstraZeneca සහ දකුණු කොරියාවේ SK Bioscience සමාගම් මගින් නිපදවූ එන්නතද මේ වනවිට එම අනුමැතිය සදහා තක්සේරු කරමින් පවතින බවත් සඳහන් වෙයි. මෙම හදිසි භාවිතය වෙනුවෙන් ලැයිස්තුගත කිරීමේ (EUL) අනුමැතිය ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් නව එන්නත් සඳහා බලපත්‍ර ලබාදීමේ ක්‍රමවේදයට ඇතුළත් වන්නකි. එහිදී මෙම අනුමැතිය ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් දුප්පත් රටවලට ලබාදෙන COVAXපහසුකම සඳහා එන්නත් අනුමත කිරීම ඇතුළුව තවත් අවස්ථාවන් සඳහා වඩාත් වැදගත් අනුමැතියකි.
0 Comments