පෙබරවාරි 13 සහ 14 දෙදින කොළඹ 07, පදනම් මාවත ඉදිරිපිට 'Made in Sri Lanka 2021‘ නමින් වෙළඳ ප්‍රදර්ශනයක් සංවිධානය කර ඇත.
අද (11) කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනය ඉදිරිපිට පදනම් මාවතේ පැවති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය විමල් වීරවංශ මහතා කියා සිටියේ
එය වෙත පැමිණ දේශීය නිෂ්පාදකයා දිරිගන්වමින් ඔවුන්ගේ නිෂ්පාදනවල වටිනාකම උරගා බලන ලෙසයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ අමාත්‍යවරයා මෙසේ කීය.
"ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය විසින් 'මේඩ් ඉන් ශ්‍රී ලංකා' සන්නාමය මීට සති 6කට පමණ පෙර ජනගත කරනු ලැබුවා. මේ වන විට 'මේඩ් ඉන් ශ්‍රී ලංකා' සන්නාමය ලබාගෙන ඇති සහ ඉදිරියේ දී ලබා ගැනීමට බලාපොරොත්තු වන ව්‍යවසායකයන්ට පුළුල් වෙළඳපොළක් නිර්මාණය කරදීම කර්මාන්ත අමාත්‍යාංශය සතු වගකීමක්.
ඒ වගේම අපගේ අමාත්‍යාංශය යටතේ ඇති ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය ඒ සඳහා සුවිශේෂී ප්‍රමුඛතාවක් ලබා දී කටයුතු කරනවා. එහිදී මේඩ් ශ්‍රී ලංකා සන්නාමය ලබාගෙන ඇති සහ ඉදිරියේදී එය ලබා ගැනීමට නියමිත නිෂ්පාදන සඳහා පුළුල් වෙළඳපොළක් නිර්මාණය කරදීමට 'මේඩ් ඉන් ශ්‍රී ලංකා වෙළඳ ප්‍රදර්ශනයක්' අප අමාත්‍යාංශයේ මගපෙන්වීමෙන් සහ ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය අනුග්‍රාහකත්වයෙන් පැවැත්වීමට සූදානම්ව සිටිනවා. 'Made in Sri Lanka Trade Fair 2021' ලෙස නම් කර ඇති එම වෙළෙඳ ප්‍රදර්ශනය පෙබරවාරි 13 සහ 14 යන දෙදින පුරා උදේ 10:00 සිට රාත්‍රී 8:00 දක්වා කොළඹ පදනම් මාවත දෙපස සෞඛ්‍ය බලධාරීන් විසින් පනවා ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව පැවැත්වීමට නියමිතයි. මෙහිදී නාගරික ජනතාවට උසස් ප්‍රමිතියෙන් යුතු දේශීය නිෂ්පාදනය මිලදී ගැනීමේ ඉඩකඩ ලැබෙනවා."
ඔහු කීය.
0 Comments