Tooth fossils found in a county in central China

චීනයේ දකුණුදිග හුනාන් පළාතේ පිහිටි ෆුයාන් නමින් හැදින්වෙන ගුහාවක තිබී අදින් වසර හයකට පමණ පෙරාතුව හමුවුණු මිනිස් දත් සම්බන්ධයෙන් සිදුකළ පරික්ෂාවල ප්‍රතිඵල අනුව මානව පරිණාමය සම්බන්ධයෙන් දැනට ලොව පිළිගැනීමට ලක්ව ඇති අදහස් අභියෝගයට ලක්කරන බව ඒ පිළිබද විශේෂඥයෝ සඳහන් කරති.  2015 වසරේදී සොයා ගැනුණු මෙම දත් කොටස් අදින් වසර 80,000ත් 120,000ත් අතර කාලයකට පෙරාතුව මිහිමත වාසය කළ  මිනිසුන්ගේ බවට අනාවරණය කර ගෙන ඇත. මෙහිදී දත් 47 හමුව තිබේ.




ඒඅනුව හෝමෝ සේපින්ස් (Homo Sapiens) විශේෂයට අයත් මානවයන්  අප්‍රිකාවෙන් පිටත්ව ලොව පුරා ව්‍යාප්තවීමට වසර 20,000කට  පෙරාතුව චීනය තුළ මෙම හෝමෝ සේපියන්ස් මානවයන් විසූ බවට මින් සාක්ෂි හමුවන බව මෙම විශේෂඥයන්ගේ අදහස වී තිබේ. එසේම තවත් වෙනස් වර්ගයකට අයත් ආදි මානවයන් කොටසක් ආසියාව තුළ වෙනමම වාසය කළ බවටද මින් කරණු මතුකළ හැකි බවත් ඔවුන්ගේ අදහස වීඇත.  මෙහිදී ෆුයාන් ගුහාවේ  තිබියදී හමුවූ මානව දත් කොටස් දෙකක් සහ එම ප්‍රදේශයේ පිහිටි තවත් ගුහාවල තිබී හමුවූ දත් සහ අනෙකුත් ෆොසිල බවට පත්වූ මිනිස් ශරීර කොටස්  සම්බන්ධයෙන් මේ දක්වා  DNA විශ්ලේෂණ සිදුකර තිබේ.


එහෙත් තවමත් මෙම මානවයන් පිළිබදව අවසන් තීන්දුවක් ගැනීමට තමන් ඉක්මන් නොවන බව  පර්යේෂකයන් සඳහන් කරයි.  මෙම සොයාගැනීම  සම්බන්ධයෙන් අදහස් දක්වන  ඔස්ට්‍රේලියානු කොතුකාගාර පර්යේෂණ ආයතනයේ සහකාර මහාචාර්ය ඩැරන් කුර්නෝඉ. "අපේ මේ නව පර්යේෂණය හරහා හෝමෝ සේප්පියන්ස් මානවයත් චීනය වෙත ආවේ අදින් වසර 50,000කට පෙරාතුව නොවන බව පෙන්නුම් කරනවා.

ඒ අනුව  මේ මානව විශේෂය අදින් වසර 100,000කට පමණ පෙරාතුව මේ ප්‍රදේශයට ආවා යැයි අපිට කියතපුළුවන්. හැබැයි එය  ඔප්පු කළ හැකි ශක්තිමත්  සාක්ෂියක් තවමත් හමුවුණේ නැහැ.” යනුවෙන් පවසයි.


 මෙහිදී පර්යේෂකයන් ගුහාවලින් හමුවූ මානව දත් 10ක DNA සාම්පල  ලබාගැනීමටත් සත්ත්ව දත් සහ අගුරු වැනි තවත්  කොටස් කිහිපයක ස්ථිර වයස පිළිබද සදහන් කිරීමටත් මේ දක්වා සමත්ව ඇත. ඒ  අනුව මෙම හමුවූ දත් වසර 16,000ක් පමණ පැරණි බවත්, අනෙකුත් කොටස් අවුරුදු  40,000ක් පමණි පැරණි බවත් හදුනාගෙන තිබේ.  ඒ අනුව මෙම දත් ඇතුළු  පොසිල කොටස් සම්බන්ධයෙන් 2015වසරේදී සිදුකර ඇති DNA පරීක්ෂණයට අමතරව මෑතකදී සිදුකළ පරික්ෂණ හරහා අනාවරණය කරගෙන ඇති කාලසීමාවන් පිළිබදව විධිමත්ව සිදු කරන පරික්ෂණ හරහා එම මානවයන් කොපමණ කාලයකට පෙරාතුව එහි විසූවද යත්ත සැකහැර දැනගත හැකි වනු ඇතැයිද පර්යේෂකයෝ වැඩිදුරටත් සඳහන් කර සිටිති.

Tooth fossils found in a county in central China

Tooth fossils found in a county in central China

Tooth fossils found in a county in central China