පසුගිය දිනවල අන්තර්ජාලය තුළ කතාබහක් ඇතිවූයේ ගායන ශිල්පී අජිත් මුතුකුමාරණ ඔහු කාලයක් තිස්සේ සමීපව සිටි ගායිකා කේ සුජීවා හා ඇගේ දරු දෙන්නා හැර දමා නැවත සිය පැරණි පවුල කරා පියනැගූ පුවතයි.
මේ සංසිද්ධියෙන් පසුව කේ සුජීවා මාධ්‍ය අමතමින් දන්වා සිටියේ අජිත් තමා හැරගොස් වසරක් ගතවූ බවත් තමා දැන් තනිව ඇති බවත්ය.
මෙම කලබගැනීය මැද නිසොල්මනේ සිටි අජිත් මුතුකුමාරණ පසගිය සති අන්ත පුවත්පතකට සම්මුඛ සාකච්චාවක් ලබාදී තිබේ. කෙසේ වෙතත් මෙම සම්මුඛ සාකච්ඡාවේදී තමන්ගේ විවාහ ආරවුල ගැන වචනයක් හෝ සෘජුව අදහස් නොදක්වන්නට ඔහු පරිස්සම්වී තිබේ.
කෙසේ වෙතත් ඔහු වක්‍රාකාරයෙන් ඒ ගැන කියයි.
එම සාකච්චාවේ කොටසක් පහත පරිදිය.
අජිත් මුතුකුමාරණ මොනවගේ චරිතයක්ද?
සිංහලෙන්ම කිව්වොත් මගේ ලොකු සීන් නැහැ. පොළොවෙ පය ගහල ජීවත් වෙනව. මම ගොඩක් දුක් වින්ඳ. අවුරුදු අටේදි මගෙ තාත්තා නැති වුණේ. එක එක අය එක එක දේවල් කිව්වට මම දුක අඳුනනව. සමහරවිට බස් එකේ යන්නත් පුළුවන්, ෆුස් සයිකලේ යන්නත් පුළුවන්, ෆ්රාඩෝ ඩිෆෙන්ඩර්වල යන්නත් පුළුවන්. එවැනි මනුස්සයෙක් බිහිවෙලා තියෙන්නෙ මේ අත්දැකීම් වලින්. අදටත් ජීවිතේ ප්‍රශ්න තියෙනව. ඒවාට මුහුණ දෙමින් ඉදිරියට යන්න පුළුවන් ශත්තිය ධෛර්යය මගේ ළඟ තියෙනව කියල මට දැනෙනව.
මේ දිනවල අන්තර්ජාලයේ ඔබ ජනප්‍රිය චරිතයක් වෙලා?
මෙහෙමයි... හොඳ නරක දෙකම එනව. ඒ ජීවිත ගමනෙ හැටි. ජීවිතේ ගොඩදාගන්න උත්සාහ කරනකොට වරදින විදිහට යම් යම් දේ සිදුවෙද්දි අපි වැටෙන්න බලනව. නමුත් ගල්මුල්වල පැටලෙද්දි ඒ ගමනෙත් හැඩයක් තියෙනව. අවසානයේ අපිට ඉතිරි වුණ දේ රැුකගැනීමයි වැදගත් වෙන්නෙ. නැති වුණ දේවල් ගැන මම පොඞ්ඩක්වත් දුක් වෙන්නෙ නෑ.
ජීවිතේ යම් පසුතැවීමක් තියෙනවද?
නෑ... මම හිතනව මම හැමදාම ගත්තෙ හරි තීරණ. නමුත් ජීවිතේ අපි තීරණ ගනිද්දි යම් යම් තැන්වලදි වැරදි තීරණ ගන්න ඇති. ඒව එවෙලෙට හරිනෙ. ඒ දේවල් සිදුවෙලා ඉවරයි. දැන් පසුතැවීමෙන් පලක් නෑ.
0 Comments